රටේ ආර්ථිකය තවමත් අතුරේ යන්නේ.ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් යළි අර්බුදයකට!

Date:

කොළඹ LNW: රටේ ආර්ථිකය තවමත් අතුරේ යන තත්ත්වයක ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොකළහොත් ලබන වසරේ නැවතත් රට පෙර මුහුණ දුන් තත්ත්වයට මුහුණ දිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත වරක් ණය ලබා ගැනීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම පවසා ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් බිලියන ගණන් ණයට ගෙන ඒ බැංකු වලට පොලු තැබූ ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් සිටින බවත් ඔවුන් මහා ධන කුවේරයන් සහ මහා ව්‍යවසායදායකයින් ලෙස හැසිරෙමින් සිටින බවත් ඔවුන්ගේ නම් ඉල්ලා සිටියත් ඒවා ප්‍රසිද්ධ කිරීමට ඉඩ නොදෙන බවයිරණවක මහතා ප්‍රකාශ කළේ.

ඒ,අද (02) එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද වන විට ලංකාවේ සමාජ පාතාලයට අමතරව දේශපාලන පාතාලයක් ද පවතින බවත්, තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද ප්‍රකාශයක් ගැනීමට රහස් පොලීසියට කැඳ වූ බවත් එහිදී ‘ඉදිරි ජනාධිපතිවරණය කිට්ටු වෙනකොට යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමට ඉඩ ඇතැ’යි කළ ප්‍රකාශය ගැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තාමගෙන් ප්‍රශ්න කළ බව ද ඒ මහතා පැවසීය.

එහෙත් තමන් දේශපාලන පුරෝකථනයක් සිදු කළ බව ද දෙදාස් පහ මැතිවරණයේදී කොටින්ට මුදල් ලබාදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ බව ද පාඨලී චම්පික රණවක මහතා එහිදී සඳහන් කරන ලදී.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් චෝදනා ලද පහළොස් දෙනෙක් සිටින අතර නිශ්චිත තොරතුර දැනගෙනත් ක්‍රියාමාර්ගයක් නොගත් නිසා ඔවුන්ට විරුද්ධ විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ඔහු පැවසුවේ.

සෙසු අයට අපරාධ නඩු යටතේ කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය. ඒ පහළොස් දෙනා අතර හිටපු ජනපතිවරයෙක්,වර්තමාන පොලිස්පති, වත්මන් ජනාධිපති, සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා පියවර නොගෙන පොලිස් ඇමතිගේ මතයට අනුව පුද්ගලික හමුදාවක් විදියට හැසිරීමට තමන් විරුද්ධ බව ද රණවක මහතා සඳහන් කළේය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කොට, විදේශිකයන්ට ණය ආපසු ගෙවීම නොගෙවීම නිසා රටට ලැබීමට ඇති සංවර්ධන ආධාර මුළුමනින්ම නතර වෙන තත්වයක් ඇතිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...