හැඩට තිබුණු බස්නාහිර පාසල් බොක්සිං ගැටුමේ සූරයෝ හොරණින් – සූරියෝ කළුපහණින්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 02 , කොළඹ (LNW): බස්නාහිර පළාත් පාසල් බොක්සිං සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද මැදිහත්ව සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය ඉලක්ක කරගෙන සමස්ත ලංකා පාසල් බොක්සිං සංගමයේ අධීක්ෂණය ඇතිව පැවත්වූ බස්නාහිර පළාත් පාසල් බොක්සිං තරගාවලිය වෙනම පෙණුමක් ගත්තා.ආකර්ශණීය ලෙස සංවිධානය වී තිබීම නිසාම කොළඹ 2, මේරියම් බාලිකා විද්‍යාලීය පරිශ්‍රය තුළ තෙදිනක් පුරා පැවත් වූ තරගාවලිය,ඉදිරි තරග සංවිධානය වීමේදි මොඩලයක් විදිහට ගත හැකි මට්ටමෙන් ක්‍රියාත්මක වුණා.

තරගාවලියේ බාලක සූරතාවය හොරණ විද්‍යාරතනය විසින් දිනා ගත්තා.ඔවුන් ඒ සඳහා රන් පදක්කම් 4 ක්,රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තා.කොළඹ සහිරා ව්ද්‍යාලය විද්‍යාරතනයට කරට කර සටනක් ලබා දෙමින් රන් පදක්කම් හතරක් දිනා ගත්තද ඔවුන්ට එකඳු රිදී පදක්කමක්වත් දිනා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ.ඒ නිසා ඔවුන් දිනූ ලෝකඩ පදක්කම් දෙකද සමඟ තරගාවලියේ අනු සූරතාවයේ රැඳෙන්නට ඔවුන්ට සිඳු වුණා.රන් පදක්කම් 3 ක් ද රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් 2 බැඟින් ද දිනූ කොළඹ නාලන්දය තෙවන තැනට පත් වුණා.

බාලිකා සූරතාවය දිනා ගත්තේ කළුපහන විද්‍යලීය බොක්සිං කණ්ඩායමයි.ඔවුන් රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගන්නට සමත් වුණා.රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් දිනූ පල්ලේවෙල මහා විද්‍යාලය අනු සූරයින් බවට පත් වුණා.කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලය පදක්කම් වර්ග තුනෙන්ම දෙක බැඟින් දිනා ගෙන තෙවැන්නන් බවට පත් වුණා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙන්නට කොළඹ සහිරාවේ අබ්දූල් රහ්මන් සමත් වෙන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කළ ඩබ්ලිව් එස් රණසිංහ දක්ෂතම පරාජිතයා ලෙස ඇගයීමට ලක් වුණා.මෙවර බස්නාහිර පළාත් තරගාවලියට ජාත්‍යන්තර පෞද්ගලික පාසල්වල සහභාගීත්වය දකින්නට ලැබීම ක්‍රිඩාවේ ප්‍රවර්ධණයට යහපත් ලකුණක් හැටියට දැකිය හැකියි.එහි ප්‍රතිපලවල යහපත්කම පෙන්වමින් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එච්එම්කේජී හේරත් දක්ෂතම බොක්ෂිං ක්‍රීඩිකාව වුණා.පරාජිත දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ මීගමුව ශාන්ත ජෝෂප් පාසලේ ඩී.ඩී. නොවන්යා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්තරන් පාවිච්චිය පරිස්සමට…

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ගෙවුණු ආසන්න වසර කිහිපය තුළ...

චින්නස්වාමී වෙනුවට පටෙල් එයි

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: බැංගලෝරයේ එම් චින්නස්වාමි ක්‍රීඩාංගණය සම්බන්ධයෙන්...

රජයේ වැඩපිළිවෙලට ඉදිරියේදී අඛන්ඩව සහය ලබාදෙනවා: ඉන්දුනීසියානු තානාපතිනිය Dewi Gustina Tobing

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි...

පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවෙන් සජබ හැළෙයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...