*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සජබ මැයි රැළිය අතරේ ෆොන්සේකා – හරීන් ගැටුමක්. රැළිය අමතද්දීත් හින්ට් පාස්වෙයි (VIDEO)

ඊයේ (01) කොළඹ නිදහස් චතුරස්‍රය අසල පැවති සමගි ජන බලවේගයේ මැයි රැළිය අතරතුර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ගැටුමක් ඇතිවී තිබේ.

කථික ලැයිස්තුවේ අනුපිළිවෙල සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී ඇති බව සඳහන්.

මෙම මැයි රැළියේ සංවිධායකයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතාව තම අසුන අසලට කැඳවාගෙන ඇති සරත් ෆොන්සේකා මහතා “ඔය කොළේ දෙනවා මෙහාට” කියමින් කථික ලැයිස්තුව උදුරා ගැනීමට උත්සාහ දරා ඇත. “ඇයි මොකටද ?” කියා හරීන් ප්‍රනාන්දු මහතා විමසද්දී “නෑ, මට පෙන්නනවාකො” යැයි කියමින් කථික ලැයිස්තුව උදුරාගෙන ඇති ෆොන්සේකා “කවුද අයිසේ මේ ලැයිස්තුව හැදුවෙ ? මම පක්ෂෙ දෙවැනියා. ප්‍රොටොකෝල් අනුව නායකයා කතා කරන්න ඉස්සෙල්ලා කතා කරන්න ඕනෙ මමයි” පවසා තිබේ.

එම කථික ලැයිස්තුව අනුව සරත් ෆොන්සේකාට පසු හරීන් ප්‍රනාන්දුත් එයින් අනතුරුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් රැළිය ඇමතීමට නියමිතව තිබී ඇත.

“කවුද මේ ලැයිස්තුව හැදුවේ ??” ෆොන්සේකා දැඩි කෝපයෙන් යුතුව විමසද්දී හරීන් සජිත් ප්‍රේමදාස මහතාව පෙන්වා ඇති අතර “සජිත්ට ඉස්සෙල්ලා තමුසේ මගේ නම දානවා. නැත්නම් මම අද කතා කරන්නේ නෑ” යනුවෙන් පවසා ඇති බව සඳහන්. “තමුසෙ කවුද මට ඕඩර්ස් දෙන්න ?” යැයි හරීන් ප්‍රනාන්දු ද කෝපාන්විතව ප්‍රතිචාර දක්වා ඇති අතර උණුසුම වචන හුවමාරුවක් සිදුවෙද්දී මනූෂ නානායක්කාර මහතා වහාම පැමිණ හරීන් ප්‍රනාන්දුව එතැනින් ඉවතට ගෙනගොස් තිබේ.

කෙසේවෙතත් පසුව සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම අනුව හරීන් ප්‍රනාන්දු සෙනඟ උපරිමයෙන් සිටින අවස්ථාවේ වේලාසනින්ම රැළිය අමතා ඇති අතර සරත් ෆොන්සේකාගේ කතාවෙන් පසු හර්ෂ ද සිල්වා මහතාට රැළිය ඇමතීමට අවස්ථාව ලබාදී ඇති බව සඳහන්. සජිත් ප්‍රේමදාස මහතා රැළිය අමතා ඇත්තේ හර්ෂගෙන් පසුව ය.

ගැටුමෙන් පසුව රැළිය අමතන අතරේ හරීන් ප්‍රනාන්දු මහතා සරත් ෆොන්සේකා දෙස බලමින් “අපි නාකි චණ්ඩින්ට බය නෑ” යනුවෙන් පවසා තිබුණු අතර ෆොන්සේකා මහතා රැළිය අමතන අතරේ පවසා තිබුණේ CID යෑමට බයෙන් බොරුවට ලෙඩවී රෝහල්ගත වන මැති ඇමතිවරුන්ට තමන් ආරක්ෂක ඇමති වූ පසුව කිසිම බුරුලක් නොලැබෙන බවකි”

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම ෆොන්සේකා – හරීන් ගැටුම ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්නයක් බවකි. හරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු වශයෙන් පත්වූ දිනයේ සිටම ෆොන්සේකා ඔහු සමග අමනාපයෙන් සිටින අතර මහනුවර සිට පැමිණි සමගි බල පාගමන කැළණියෙන් අවසන් වූ අවස්ථාවටවත් ෆොන්සේකා නොපැමිණියේ මෙම ගැටුම නිසා බවත් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan