තුසිත හල්ලොලුව ඇප මත නිදහස් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2017 – 2019 සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාරවූ තුසිත හල්ලොලුව ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව, ඔහුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කර ඇත්තේ.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත.

මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවූ තුසිත හල්ලොලුවගේ නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ 2019 වසරේදී සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී එම පරිගණකය හා ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ලබාදීමට තම සේවා දායකයා ඉදිරිපත් වුණත් එම මුදල ලොතරැයි මණ්ඩලයේ විසින් බාර නොගත් බවත් පසුව ඔහු 2024 ඔක්තෝබර් මාසයේදී එම මුදල තැපැල් කාර්යාලයක් හරහා මුදල් ඇනවුමක් මගින් ගෙවාදමා ඇති බවත් ය.

නඩුව මැයි මස 30 වනදා නැවත කැඳවීමට නියමිත ය.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...