දිල්ලියට තද වැසි සහ දුවිලි කුණාටු තත්ත්වයක්: 04ක් මරුට!

රෂිකා හෙන්නායක

ඉන්දියාවේ දිල්ලි නුවරට තද වැසි සහ දුවිලි කුණාටු තත්ත්වයක් ඇති වී තිබෙන අතර, එරට පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.. 

දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 200කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවත්,ඒ අනුව ගුවන් යානා ගුවන්තොටුපොළ බලා පැමිණීමට මිනිත්තු 21ක් සහ ගුවන්තොටුපොළින් පියාසර කිරිමටත් මිනිත්තු 61ක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපළ වෙත යාමට පෙර දෛනික ගුවන් ගමන්වල නවතම තත්ත්වය පරීක්ෂා කරන ලෙස ඉන්දීය ගුවන් සමාගම් මගීන්ගෙන් ඉල්ලා සිටී.

තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් එරට දුම්රිය 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ප්‍රමාද වී ඇත.එසේම ද්වාරකා, ඛාන්පූර්, ලජ්පාත් නගර්, මෝති බාග් යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ. 

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙන අතර, ඉදිරි පැය කිහිපය තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා වර්ධනය විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...