*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

අරක්කු කාලේ බත් පැකට් එකේ මැයි රැළි සහ කුමාර වෙල්ගමගේ මැයි දින කතාව

විනිවිද: ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය තරම් අප රටේ අවභාවිතයට ගැනෙන වෙනත් සැමරුම් දිනයක් නැත.ඒ අද වන විට අප රටේ සෑම මැයි දින රැලියකින්ම සැබෑ කම්කරු හඬ යටපත් කොට බලය ඉලක්කගත පක්ෂ දේශපාලන හඬ ඉස්මතු වන බැවිනි.මෙය අද වන විට අප රටේ දේශපාලන පක්ෂ තමන්ගේ බලය තහවුරු කර ගැනීම උදෙසා අප රටේ සැබෑ කම්කරු අයිතීන් පදනම් කරගත් ඔවුන්ගේ හඬ යටපත් කිරීමක්;පාගා දැමීමක් සේ සැලකීමේ වරදක් නැත.ඒ අනුව අද මෙම මැයි දිනය සම්බන්ධයෙන් අප රටේ සියළු දේශපාලන පක්ෂ ස්වයං විවේචනයක යෙදීම වැදගත් කාලීන අවශ්‍යතාවක් ව පවතී.නමුත් මැයි දින රැලි වලින් නැඟෙන අනේක විධ දේශපාලන අඬහැර අතරේ දේශපාලකයන් අදත් මැයි රැළි පවත්වන්නේ බලය වෙනුවෙන් වන අතර නායකයින් කම්කරු ජනතාව නොසලකා හැර ඇති බවට අවංක හා සත්‍ය ප්‍රකාශයක් ඊයේ (01) නව ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මැයි රැළියේ දී ප්‍රකාශ විය.ඒ ඒ ප්‍රකාශය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසිනි.එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් මෙලෙසිනි.

“දැන් අපි ඉන්නෙ; මේ රට තියෙන්නෙ ඉතාමත් භයානක තත්ත්වයක. ඒ කෙසේ වෙතත් මේ පක්‍ෂවල අය; නායකයො හිතන්න ඕන බලය ගැන නෙවේ. මේ නායකයො හිතන්න ඕනෙ තමන්ට ඡන්දෙ දෙන ජනතාව ගැන. ඒවා කවදාවත් බලන්නෙ නෑ. අදත් මැයි රැළි තියන්නෙ තමන්ට බලයට එන්න. අද තමන්ට බලයට එන්න කම්කරුවන්ට මොකක් හරි දීලා නැත්නම් කම්කරුවන් නොවන අයව පෙළපාලි වලින් ගෙනල්ලා ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ගෙ බලය පෙන්නන්න. ඇයි අපිට මේ බලය අපි ඔක්කොටම පෙන්නන්න බැරි .අපි ඔක්කොටම එකට අත්වැල් බැඳ ගන්න බැරි ඇයි. ඇයි අපි මේ බලයට කෑදර?. අපිට නායකයෙක් තෝර ගන්න පුළුවන්. නායකයෙක් තෝර ගන්න එක මහ ලොකු දෙයක් නෙවේ. නායකයෙක් හොඳ නෑ කියල ඉස්සරලම කිව්වෙත් මමයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තය. ඉතින් අපිට නායකයෙක් තෝර ගන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම එකට එක්කාහු වෙන්න ඕන. එක්කාහු වුණොත් තමයි අපිට මේ ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන් වෙන්නෙ. ඒක නිසා මම තමුන්නාන්සේලාට කියන්නේ මේ බොරුවට කෑගහන ඒවට රැවටෙන්න එපා. මම නම් පාර්ලිමේන්තුවෙ කියනව. මම මූණටම කියනව.තමුන්නාන්සේලා බලය වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නෙ කියලා. බලයට ආවට පස්සෙ තෙල් සංස්ථාව විකුණන එක නවත්තනවද?. මම අහන්නෙ එච්චරයි. දැන් කියනව තෙල් සංස්ථාව විකුණන්නෙ නෑ. විකුණන්න දෙන්නෙ නෑ. විදුලි බල මණ්ඩලය විකුණන්නෙ නෑ. විකුණන්න දෙන්නෙ නෑ කියල දැන් කෑ ගහනව. දැන් පිකටින් යනව.බලය ගත්තට පස්සෙ ඒ දේ ඒ අයට කරන්න පුළුවන්ද? කරන්න බෑ. කවුරු ආවත් ජාත්‍යන්තරේ අයීමෙෆ් ඒකේ නැත්නම් ලෝක බැංකුවෙ ණය ගන්න වෙනව. නැත්නම් කොහෙන් ගේන්නද?. එහෙම නම් ඉතින් හොරකම් කරපු සල්ලි ගේන්න ඕන. මේ හොරකම් කරපු සල්ලි ගේන්න පුළුවන් නම් මේ කා ගාවටවත් යන්න ඕන නෑ. මේ හොරකම් කරපු සල්ලි තමයි මේ සාමාන්‍ය මිනිසුන්ගෙ සල්ලි. ඉතින් මේ දැන් අපිට තියෙන්නෙ අපි ඔක්කොම එකතු වෙන්න”(උපුටා දැක්වීම අවසන්)

මන්ත්‍රී වරයා කී අන්දමටම මේ වන විට අප සමාජය තුළ මැයි දින සැමරුම සම්බන්ධ උප සංස්කෘතියක් නිර්මාණය වී තිබේ.එහි ප්‍රධානතම අංග දෙකක් තිබේ.ඉන් පළමු වැන්න අප රටේ ප්‍රධාන පක්ෂ මැයි දින රැළි සඳහා සාමාන්‍ය වහරට අනුව කිවහොත් “අරක්කු කාලට සහ බත් පැකට් එකට” තම දේශපාලන ගැත්තන් අනුගාමිකයන් අගනුවරට පැටවීම ය.බලයේ හිඳින දේශපාලන පක්ෂ නම් අඩු ආදායම් ලාභීන්ට රජයෙන් හිමි සහනාධාර අහිමි කරන බවට බිය වද්දා ඔවුන් මානසික වශයෙන් දේශපාලන වහලුන් කොට බලහත්කාරයෙන් මැයි දින රැළි සඳහා අගනුවරට ඇද ගැනීම ය.එසේ නොකරන විකල්ප දේශපාලන පක්ෂ සමකාලීන දේශපාලන වටපිටාව නිසා දුක් පීඩාවන්ට පත් ජනතාවට ඒ දුකින් අත්මිදීමේ ඒකායන මාර්ගය තම පක්ෂය බලයට පත් කරවීමය යන පදනම් විරහිත සාවද්‍ය පදනම මත තම අනුගාමිකයන් මැයි රැළි සඳහා අගනුවරට අද්දවා ගැනීම ය.සමකාලීන දේශපාලනය මඟින් ජනතාව අත් විඳින දුක් පීඩා අඩු වැඩි වන තරමට ඒ මැයි දින රැළි වලට එක් වන ජන සංඛ්‍යාව ද අඩු වැඩි වීමෙන් මෙම ප්‍රායෝගික සත්‍යය අපට මනාව වටහා ගත හැක.නමුදු ඔවුන් ද තම දේශපාලන අරමුණු තකා කම්කරුවන් නොවන සාමාන්‍ය ජනතාව “කම්කරු වෙස් ගන්වා” මැයි රැළි වලට ගෙන්වා ගෙන තම පක්ෂ දේශපාලන මති මතාන්දර වලට නතු කර ගැනීමත් මානසික වශයෙන් එක්තරා ආකාරයක “අරක්කු කාලක් සහ බත් පැකට් එකක්” බව කිව යුතු ය.ඒ අනුව මෙම මැයි දිනයේ සැබෑ අරමුණු සමඟ “ගෑවී යන” හෝ කතාවක් පැවැත්වෙන ලද්දේ නව ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මැයි රැළියේ දී බවත් ඒ ප්‍රකාශය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් බවත් මෙම ලියුම්කරු පෞද්ගලිකව විශ්වාස කරයි.

හේමන්ත රන්බණ්ඩාර (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan