මහලු මිනිසෙකුට ආශ්චර්යයක් කළ හැකිද? රවී කුමුදේශ් ප්‍රශ්න කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට මුළු රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහලු මිනිහෙකුට ආශ්චර්යය කරන්න ඉඩ දී බලා සිටිය නොහැකි බව වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ඒකාබද්ධ මැයි දින රැලිය මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අමතමින් කියා සිටියේය.

අද වන විට රට පාලනයෙන් ගිලිහී අවසන් බවත් වසර ගණනාවක් තිස්සේ එක එක පාලකයන් විසින් රට පාලනය කළද රටට වූ යහපතක් නැති බවත් , වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් පමණක් සිදුකරන බවත් ඔහු ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු නොවන බවත් කුමුදේශ් මහතා සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ යනු ජාත්‍යන්තරයේ නියෝජිතයෙක් ද රටේ නියෝජතයෙක්දැයි තේරුම් ගත යුතුව ඇති බවත්, එනිසා මේ මොහොතේ නැවතත් අරගලයක් අවශ්‍ය බවද පැවසූ ඔහු ඡන්දයට බය නාකි මානවයෙකු රට පරිවර්තනය කරන්න නොහැකි බව දැනගෙන නව දැනුම සමග රට ලෝකයට සම්බන්ධ කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...