*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

කාලිංගගේ උණෙන් සීතල වුණ මීටර් 400 සහය දිවීමේ උණුසුම

සටහන – නිශ්මං රණසිංහ
මැයි 03, කොළඹ (LNW): මැයි 4 සහ 5 පැවත්වෙන ලෝක සහය දිවීමේ සූරතා තරගාවලිය නියෝජනය කරන්නට මීටර් 400 සහය දිවීම සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.ඒ සඳහා හේතුව හැටියට දැන් ඉදිරිපත් වන කරුණ කාලිංග කුමාර හදිසියේ අසනීප වීමය.


ශ්‍රී ලංකාවට ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් මීටර් 400 ඉසව්වට වඩා පහසුවෙන් ඇතුළත්වීමට අවස්ථාව ඇත්තේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වය.ඒ වෙනුවෙන් ක්‍රීඩකයින්ද දැනුවත් කර මලල ක්‍රීඩා පරිපාලනය ද මේ තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියාත්මක විය යුතුව තිබිණ.
මේ මාර්තු 15 වන දින ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වන මාධව බණ්ඩාර සෙනරත් ඔහුගේ මුහුණු පොතේ තබන සටහනක්.


World Relays 24 තරඟාවලිය සඳහා ඇත්තේ තව දින 50 ක කාලයක්, මැයි මස 4,5 දිනවල Bahamas හිදී එය පැවැත්වීමට නියමිතයි. මෙවර මෙම තරඟාවලිය පවත්වනු ලබන්නේ 2024 ඔලිම්පික් උළෙල සඳහා සහය දිවීමේ කණ්ඩායම් තෝරාගැනීමේ තරඟයක් ලෙසිනුයි. ඒ නිසා මේ තරඟාවලියේදී පැවැත්වෙන්නේ, ඔලිම්පික් උළෙලේදී පැවැත්වෙන සහය ඉසව් 5 පමණයි. මෙම සහය ඉසව් 5 සඳහා කණ්ඩායම් 32 බැගින් තෝරා ගැනීමේ කාල සීමාව අප්‍රේල් 7 වෙනිදායින් අවසන් වුනත්, පසුගිය වසරේ දක්ෂතා අනුව ඉන් ඉසව් 3 ක් සඳහාම ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබාගත හැකි ඉහළ මට්ටමක සිටීම විශේෂත්වයක්.

නමුත් මේ සඳහා ශ්‍රී ලංකා පිරිමි මීටර් 400X4 කණ්ඩායම පමණක් සහභාගී කරවීම නිවැරදි තීරණයක්.
මූලික තරඟ වලින් පරාජය වන අයටත් ඔලිම්පික් සුදුසුකම් ලැබීමට තවත් අවස්ථාවක් ලැබෙනව.
අපි මීට කලින් කතාකලා 2024 ඔලිම්පික් තරඟයෙදි මීටර් 200 සිට 1500 දක්වා තරඟ සඳහාත් සියළුම කඩුළු තරඟ සඳහාත් මූලික වටයෙන් පරාජය වුනත් අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබන්න Repechage round නමින් අළුත් තරඟ වටයක් හඳුන්වල දීල තියෙනව කියල. ඒ Repechage වටය World relays තරඟාවලියෙදිත් පැවැත්වෙනව, නමුත් ඒ ඊළඟ වටයට සුදුසුකම් ලබන්න නෙවෙයි, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් 14 න් අවසාන කණ්ඩායම් 6 තෝරා ගන්නයි.


ඒක වෙන්නෙ කොහොමද?


අපි හිතමු පිරිමි මීටර් 400X4 තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම් 32 ම මේ තරඟය සඳහා සහභාගී වුනා කියල. පළවෙනි දවසෙ(මැයි 5) මූලික තරඟ 4 ක් පවත්වල එහිදී පළමු ස්ථාන දෙක(1,2) ලබා ගන්නා කණ්ඩායම් කෙළින්ම අවසන් තරඟයට වගේම ඔලිම්පික් තරඟයටත් සුදුසුකම් ලබනව. එතකොට සුදුසුකම් නොලත් තව කණ්ඩායම් 24 ක් ඉතිරි වෙනව. ඒ කණ්ඩායම් 24 ට දෙවෙනි දවසෙදි තවත් මූලික තරඟ 3 ක් පවත්වල(Repechage round) ඒ තරඟවලින් පළමු ස්ථාන දෙක(1,2) ලබාගන්න කණ්ඩායම් 6 ත් ඔලිම්පික් තරඟයට සුදුසුකම් ලබනව (කණ්ඩායම් 27 ක් හෝ ඊට අඩුවෙන් තරඟයට සහභාගී වුනොත් මේ ගණන් වෙනස් වෙයි). ඒ අනුව ඔලිම්පික් සඳහා සහභාගී කරගන්නා කණ්ඩායම් 16 න් 14 ක්ම තෝරාගැනෙන්නෙ World relays වලින්, ඉතිරි කණ්ඩායම් දෙක තෝරගන්නෙ අනෙක් කණ්ඩායම් ඔලිම්පික් සඳහා තෝරාගැනීමේ කාල සීමාව තුල වාර්තා කරනලද හොඳම කාලය අනුව.


ශ්‍රී ලංකා පිරිමි 400X4 කණ්ඩායමට ඔලිම්පික් සුදුසුකම් ලබන්න අවස්ථාව තියෙනවද?
ඔව්, පහුගිය තේරීම් තරඟයෙ දක්වපු දක්ෂතා අනුව ඔවුන් ඉතා හොඳ මට්ටමක ඉන්නව. ඉදිරියට එන්නෙ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා තවත් වර්ධනය වන කාලසීමාව, ඒ වගේම අපේ කණ්ඩායම අත්දැකීම් සහිත යොවුන් කණ්ඩායමක් වීම නිසාත් ඉදිරි කාලයේදී දක්ෂතා වැඩි දියුණු කරගැනීමට වැඩි අවස්ථාවක් තියෙනව.
නමුත් Bahamas වගේ ලෝකෙ අනෙක් පැත්තෙ පිහිටල තියෙන රටක මේ තරඟාවලිය පැවැත්වීම අපිට යම් අභියෝගයක් විය හැකියි. මේ නිසා ගුවන් ගමන් සැළසුම් කිරීමේදී ඉතාම සැළකිළිමත් විය යුතුයි.

(උපුටා ගැනිම අවසන්)
මේ තාරණය සහ එම සහය දිවීමේ තරගාවලිය මීටර් 400 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට වැදගත් වන්නේ ඇයි කියන කාරණය ඉතාමත්ම පැහැදිළි ලෙස ඔහු වාර්තා කර තිබෙනවා.එවැනි තත්ත්වයක මේ ලිපිය හරහාම මතු කරන අවිනිශ්චිත තත්ත්වයන්ද පාදක කරගෙන (//නමුත් Bahamas වගේ ලෝකෙ අනෙක් පැත්තෙ පිහිටල තියෙන රටක මේ තරඟාවලිය පැවැත්වීම අපිට යම් අභියෝගයක් විය හැකියි. මේ නිසා ගුවන් ගමන් සැළසුම් කිරීමේදී ඉතාම සැළකිළිමත් විය යුතුයි.//) බලධාරීන්ට සූදානම් වෙන්න නොතිබිණි ද?

මේ කණ්ඩායම සම්බන්ධයෙන් වැදගත්ම කාරණයක් තවත් තියෙනවා.ආසියානු ක්‍රීඩා උළෙලේ මෙන්ම ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ද මීටර් 400 සහය දිවිමේ පදක්කම් ගෙනෙන්නට මුල් වූ පබසර නිකූ මේ ලෝක සහය දිවීමේ සූරතාවලියෙන් ඉවතට දමා තිබෙනවා.ඊට තේරිම් තරගවලදී සිඳු වූ පසුබෑමක් හේතු වන්නට ඇති.නමුත් කාලිංග කුමාර,අරුණ දර්ශණ,පබසර නිකූ,රාජිත රාජකරුණා,පසිඳු කොඩිකාර සහ දිනුක දේශාන් යන සිව් දෙනාම ආසියානු ක්‍රිඩා උළෙලට සහභාගි වුණා.මේ හය දෙනාගෙන් මූලික තරඟයේදී පසිඳු සහ දිනුක සහභාගි වුණ අතර අවසාන තරගයේදි ඒ වෙනුවට කණ්ඩායමේ සිටි ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනා වන කාලිංග කුමාර සහ අරුණ දර්ශණ පැමිණෙනවා.

මේ කාරණය වඩාත් ඉස්මතු වන්නේ කාලිංග ගේ අසනීප තත්ත්වය එක්ක පස් දෙනෙක් කණ්ඩායමට නොමැතිවීම සහභාගි නොවන්න හේතුවක් ලෙස හැඳින්වීමයි.එම තත්ත්වය පබසර නිකූ සිටියානම් නිර්මාණය වන්නේ නැහැ.පබසර දැනට පවතින මීටර් 400 සහය දිවීමේ ජාතික වාර්තාව වන විනාඩි 03:01.56 ට ද දායක වූ අයෙක්.

එසේම බහමාස් තරගයට ඊයේ වීසා ලැබී සහභාගිවීමට යා හැකිද?එය සාර්ථක ද යන්නත් අප කල්පනා කළ යුතුයි.මේ අසීරු තත්ත්වය මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වන මාධවට මාර්තු 15 දැනෙන නිසා ලියන මේ වචන ටික නැවත කියවන්න. //නමුත් Bahamas වගේ ලෝකෙ අනෙක් පැත්තෙ පිහිටල තියෙන රටක මේ තරඟාවලිය පැවැත්වීම අපිට යම් අභියෝගයක් විය හැකියි. මේ නිසා ගුවන් ගමන් සැළසුම් කිරීමේදී ඉතාම සැළකිළිමත් විය යුතුයි.// මූලික වශයෙන් ගැටළුව තියෙන්නෙ මාධව කියන මේ බරපතල තත්ත්වය තේරුම් නොගැනීම නිසා මේ තත්ත්වය නිර්මාණය වීමයි.

ඇත්තටම ඉන්දියාව වැනි රටවල් ප්‍රතිපල නෙලා ගන්නේ ඔවුන් ආයෝජනය කරන මුදල් ප්‍රමාණය නිසයි.මේ තරගාවලියට ඔවුන් කෙතරම් කලකට පෙර බහමාස් බලා පිටත් වී ඇද්ද? මෙවැනි අවශ්‍යයතාවයක් ගැන මලල ක්‍රීඩා පරිපාලනය විසින් ක්‍රිඩා අමාත්‍යංශය කල් ඇතිව දැනුවත් කිරිමක් කර තිබුණාද?දැන් අන්තිම මොහොතේ වීසා ලබා ගත්තත් කාලිංගගේ අසනීපය නිසා යා නොහැකි බව කීවත් ඒ වීසා ලැබුණු මොහොතේ මේ තරගාවලියට සහභාගි වී අවශ්‍යය විවේකය නැතුව හොඳ දස්කම් දැක්විය හැකිද?
මේ සමඟ තරග පැවත්වෙන වේලාවන් සහිතව එම කාල සටහන් දක්වා ඇත.පැය 30 ක පමණ ගුවන් ගමණකින් පසුව ඒ වේලාවන්ට තරග කර ඔලිම්පික් සුදුසුකම් ලබා ගනියව් කියා කිව හැකිද?

මේ ආකාරයට තරගවලට සහභාගි වන්නේ හමුදා සෙබළු බව ඇත්තය.බොහෝ විට මේ කාරණය පදනම් කරගෙන හමුදා සෙබළු ලෙස ලබා ඇති පුහුණුව දරා ගැනීම ආදී කරුණු නිසා මෙවැනි කාරණා ඔවුන්ට දරා ගන්නට සහ කරන්නට හැකි බව සමහර මාධ්‍යවලද ලියැවෙනු දැක ඇත.එහෙත් ඔවුන් කරන්නට යන්නේ යුද අභ්‍යාස නොවේය.අවම වශයෙන් හෝ ලෝක මට්ටමේ අනෙකුත් ක්‍රීඩකයින්ට ඇති පහසුකම් හා සමාන නොවී මේ තත්ත්වයට මුහුණ දීමට ක්‍රීඩකයාට නොහැකිය.උදාහරණයක් ලෙස කාලිංගට උණ හැදීම ගත හැකිය.ඒ තත්ත්වය දරා ගෙන මීටර් 400 ක් දුවන්න නොහැකි බව කියමින් කාලිංග කියන්නෙ ඒ නිසාය.

දැන් ඉදරියට කරන්නේ කුමක්ද යන්න සහ ඒ කරන දෙයින් මේ සහය දිවීමේ කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට හැකිද යන්න කල්පනා කළ යුතුය.එහිදී මේ ක්‍රීඩකයින් ජාතික අවශ්‍යතාවය කුමක් ද යන්න සළකා බලා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු තබා තිබෙන ඉසව්ව කේවල ඉසව්වද,සහය දිවීමේ ඉසව්වද යන්න තීරණය කර ක්‍රීඩකයින් ඒ කෙරෙහි බඳවා තබා ගත යුතුය.මේ තත්ත්වය මුල සිටම තේරුම් ගත්තානම් ශ්‍රී ලංකා මීටර් 400 සටහ දිවීමේ කන්ඩායමට බහමාස් යාම වරදින්නේ නැත.එසේම ඔලිම්පික් යාම ද සිද්ධ වෙන්නට තිබිණ.ජාතික වශයෙන් වටිනා ක්‍රීඩකයින් ආණ්ඩුවට දැණුම් දී ඒ ආසන්න ඉසව්වලින් බේරුම් කර තබා ගැනීම අතිශයින් වැදගත්ය.තිබෙන සියලුම තරගවලට කුමන තත්ත්වයක හෝ තමන් නියෝජනය කරන ආයතනය වෙනුවෙන් දිවවීම,එයට පදක්කම් දිනා දීම ඔලිම්පික්වලට වඩා ඉහළින් හිතන මිනිස්සු ද පාලනය ලක් කළ යුතුය.එසේම තරග පැවත්වෙන තරග සමයට සියල්ල ඇතුළත් වන සේ රටකට මලල ක්‍රීඩා කාල සටහනක් තිබිය යුතුය.මේවා වසර ගණනක් තිස්සේ පැවසුවද තවමත් සිඳු වී නැත.

එසේම වැදගත් දේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලන කියන්නේ ඡන්දයෙන් පත් වී ඉනික්බිති අමාත්‍යංශයේ මුදලින් නඩත්තු වන ආයතනය.නිලවරණවලට තනිව හෝ කණ්ඩායම් ලෙස පැමිණෙන කිසිවෙක්ට එම කාලය තුළ පවතින ජාත්‍යන්තර තරග සහිතව යන වියදම්,ක්‍රීඩක සංචිත නඩත්තු කිරීමට වැය කිරිමට බලාපොරොත්තු වන දේවල් ආදිය උපයන හැටි කියා සැළසුම් ඉදිරිපත් කරන්නට නැත.එසේනම් මේවා පාලනය කරන්නට ඉදිරිපත් වන්නට ගහ මරාගෙන ඒමට අවශ්‍යය නැත.සමහර තැන්වලට අතේ මුදල් තිබුණත් යාමට නොහැකිය.ඒවාට ක්‍රිඩා සංගමයක පුටුවකට ආ විට නොමිළේම පිවිසෙන්නට අවස්ථාවන් උදා වන්නේය.මේවා ද අප තේරුම් ගෙන මුල සිටම මලල ක්‍රිඩාවට නොව සමස්ත ක්‍රීඩා පරිපාලනයටම බලපාන ලෙස වෙනස් විය යුතු දේ ය.

ක්‍රීඩාව කරන අයට ඉතුරු වන්නට තිබෙන්නේ කළකිරීමය.පසුතැවීමය.එය ද ක්‍රීඩාව කෙරෙහි බැදීම් ඇති කර නොගන්නට හේතුවක්ය.මිත්‍රශීලීව සම්බන්ධකම් පැවත්විය හැකි වටපිටාවක් සහිත ක්‍රීඩා පරිපාලනයක් ගැන ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුය.මේ තත්ත්වය වඩා වැදගත්ය.ක්‍රීඩකයන්ට යන්න බැරි වුණේ මොකද කියා පරීක්ෂණයක් පවත්වන්නට ක්‍රීඩා අමාත්‍යංශය පවා කටයුතු නොකරන්නට ඉඩ ඇත.චුට්ටක් කේන්ති ගියාට,ගොඩක් දුක හිතුණට මේ සම්බන්ධතා වැටෙන්නේ රන්ජන් රාමනායක පැවසූ පරිදි “එයාලා යාළුවො මල්ලි” කාණ්ඩයටය.

මේ අපිට බහමාස් යවන්නට නොහැකි වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේ වසර 17 ට පසුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනට එක් කළ මලල ක්‍රීඩා කණ්ඩායමේ සිටි පිරිසේ වැදගත්ම සහය දිවීමේ කණ්ඩායමක් බව සිහි තබා ගැනීම වැදගත්ය.1936 දී බර්ලින් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් හතරක් දිනූ ජෙසී ඔවන්ස් ට මාධ්‍ය යොමු කරන ප්‍රශ්නයක් වෙයි.

ඔබ දිනද්දී හිටිලර් නැඟිට ගිය බව එහිදී කියැවේ.ඔවන්ස් එය එතරම් කල්පනාවට නොගන්නේ ධවල මන්දිරයද තමන්ට විශේෂයෙන් දෙයක් නොකරන බව ඔහු දැන සිටි නිසාය.මේ ආසියානු පදක්කම්ලාභීන්ට ඇත්තටම ක්‍රීඩා අමාත්‍යංශය ද තවම තේ උගුරක්වත් සතුටට පොවා නැත.ඒ අතින් අප මාධ්‍යයක් හැටියට LNW හරහා කරුණු දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ආසියානු දක්ෂයන්ට ලක්ෂ 280 ක මුදල් පරිත්‍යාගයක් නොකළේනම් මේ ක්‍රීඩකයින් තවමත් ආසියානු පදක්කම්වලට කිසිවක් නොලද්දෝය.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද ඒ සැළකිල්ල වෙනුවෙන් ස්තූතිය පුද කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan