ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සිය හැඳුනුම්පත අමතකවීම නිසා එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන් ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු පුවතක් Financial Times වාර්තා කරයි.

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද ඔහුගේ රජයෙන් වීමයි .

දකුණු ඔක්ස්ෆර්ඩ් හි ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානයකින් මෙලෙස ආපසු හරවා යවා ඇත්තේ එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පිළිගත හැකි ඡායා රූපයක් සහිත හැදුනුම්පතක් රැගෙන ඒමට අමතකවීම හේතුවෙනි.

පසුව ඔහු යළි නිවසට ගොස්  හැදුනුම්පත රැගෙන ආපසු පැමිණ ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡායාරූපය සහිත හැදුනුම්පත අනිවාර්ය වන බවට 2022 වසරේ දී බොරිස් ජෝන්සන් රජය නව නීති එංගලන්තයට හදුන්වාදීමත් සමඟ පසුගිය වසරේ පළාත් පාලන ඡන්දයේ දී හැදුනුම්පත පෙන්වීමට නොහැකිවීමෙන් 14000කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇත.

හිටපු අගමැති බොරිස් ජෝන්සන් හැදුනුම්පත නොමැතිවීමෙන් ඡන්ද මධ්‍යස්ථානයෙන් හරවා යැවීම ගැන ඔහුගේ ප්‍රකාශකවරයා බීබීසී ගුවන් විදුලියට පවසා ඇත්තේ අගමැතිවරයා හොදින් හඳුනන පුද්ගලයෙකු බැවින් ආපසු හරවා යැවීම ගැන තමන් පුදුමයට පත්වු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...