ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද (03) උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

විදේශ රැකියා අවස්ථාවන් අපේක්ෂිත සියලු දෙනාටම තමන්ගේ රැකියා සිහිනය සැබෑ කරගැනීම සිහාා විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සමග මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ තිබේ. මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි කරගනී.

මේ අතර මිනිස් වෙළදාම වැලැක්වීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද ක්‍රියාත්මක කර තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ බිම් මට්ටමින් රාජකාරී කටයුතු සිදුකරන රාජ්‍ය නිලධාරීන් මෙහිදී දැනුවත් කෙරේ.

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට වෘත්තීය ගරුත්වය සහ සාරවත්භාවය ලබාදෙන ගරු සරු වැඩසටහන අද සවස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනාධිපති අරමුදලේ සහාය ඇතිව විදේශ රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමේ අවස්ථාවන් ලබාදෙන, තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක ස්මාර්ට් යූත් වැඩසටහන හෙට (04) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශ්‍රම වාසනා අරමුදලේ සහාය ඇතිව පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන හෙට සවස ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...