අපේ විදුලි බිල් වැඩිවෙන්නේ 30%ක් ඩීසල්වලින් විදුලිය නිපදවන නිසාද ?

Date:

ලෝකයේ සමස්ත විදුලි උත්පාදනය දෙස බැලීමේදී ඩීසල් දහනයෙන් විදුලිය උත්පාදනය කෙරෙන්නේ 3% ක පමණ ප්‍රතිශතයකි. එහෙත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයට සාපේක්ෂව අපි 30%ක පමණ විදුලි ප්‍රමාණයක් ඩීසල් බලාගාරවලින් ලබාගන්නෙමු. අපේ විදුලි බිල් වැඩිවීමට හේතුව ඇත්තේ එතැන ය.

මීට විසඳුම වන්නේ ඝර්ම කලාපීය රටක් ලෙස අපට දිවා කාලය පුරාවට සූර්යාලෝකය හොඳින්ම ලැබෙන නිසා සූර්ය විදුලි උත්පාදනය වැඩිකිරීමයි. සූර්ය විදුලිය වැඩිකිරීමේදී පද්ධතිය අස්ථාවර වීම සහ රාත්‍රී කාලයේදී ඉල්ලුම ඉහළටම යද්දී එම විදුලිය ලබාගැනීමට නොහැකි වීම යන කාරණා දෙකට විසඳුම වන්නේ සූර්ය විදුලි බලාගාරවලින් නිපදවන විදුලිය බැටරිවල ගබඩා කර රාත්‍රී කාලයට භාවිතා කිරීමේ සූර්ය බලශක්ති + බැටරි ක්‍රමවේදයකට යාමයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඩීසල් විදුලි උත්පාදන වියදම විදුලි ඒකකයකට (kWh) රුපියල් 100 කට ආසන්න වේ. අප ඉන්ධන ආනයනය කරන රටක් වීම මෙන්ම විදේශ විනිමය අස්ථාවරත්වක් පැවතීමත් නිසා මේ වියදම ඉතා ඉහළ ගොස් ඇත. එහෙත් සූර්ය බලශක්තිය + බැටරි ක්‍රමවේදයෙන් විදුලිය ලබාගැනීමට අපට වියදම් වන්නේ විදුලි ඒකකයකට රුපියල් 50 කට ආසන්න මුදලකි. මෙය ඩීසල්වලට සාපේක්ෂව අඩක් වැනි වියදමකි. එසේම සූර්ය බලශක්තිය සඳහා වැය වන්නේ ආරම්භක වියදමක් පමණක් වන අතර ඊට දිගුකාලීනව ඉන්ධන වියදමක් නොමැත.

ඩීසල් බලාගාර සඳහා අරමුදල් වශයෙන් කිලෝවොට් එකකට ඇමරිකානු ඩොලර් 500 – 800 අතර වියදම් කිරීමට සිදුවේ. එහි ආයු කාලය අවුරුදු 15 – 20 අතර වේ. සූර්ය බලශක්ති + බැටරි ක්‍රමවේදයේදී අරමුදල් වශයෙන් කිලෝවොට් එකකට ඇමරිකානු ඩොලර් 1200 – 1800 අතර වැයවන නමුත් එහි බැටරි ආයු කාලය අවුරුදු 8 – 12 අතරත් සූර්ය පැනල ආයු කාලය අවුරුදු 25 – 30 අතරත් වේ. එමෙන්ම ඉන්ධන වියදමක් ඇත්තේ ද නැත.

ඩීසල් විදුලි බලාගාරවල එන්ජින්, ලිහිසි තෙල්, ෆිල්ටර් වැනි දෑ නිතර පරීක්ෂාවට ලක් කරමින් නඩත්තු කළ යුතුය. එහෙත් සූර්ය බලාගාරවල කළ යුත්තේ පැනල පිරිසිදු කිරීම සහ ඉන්වර්ටර් පරීක්ෂා කිරීම පමණි. බැටරිවල ආරෝපණය පාලනය කිරීම සහ උෂ්නත්ව පාලනය අවශ්‍ය වේ.

ඩීසල් විදුලි උත්පාදනයේදී වායු දූෂණය ඉහළ මට්ටමක පවතින නමුත් සූර්ය බලශක්තියේදී එවැනි කිසිදු පරිසර දූෂණයක් සිදු නොවේ. බැටරිවල කාලය අවසානයේදී නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීම කළ යුතුය.

එසේම ඩීසල් භාවිතයේදී විදෙස් මුදල් රටින් පිටට ගලායාම වැඩිවන අතර විනිමය අස්ථාවරයත්වයට මග පාදයි. එහෙත් සූර්ය විදුලි නිෂ්පාදනයේදී දේශීයව විදුලි බලය නිෂ්පාදනය කිරීමට හැකිවන අතර විනිමය ඉතිරි වේ.

ඒ අනුව ඩීසල් විදුලි උත්පාදනයට වඩා සූර්ය බලශක්ති + බැටරි ක්‍රමවේදය ආකාර ගණනාවකින්ම රටට වාසිදායක බව පැහැදිලි ය. දැන් කළ යුතුව ඇත්තේ දැනටත් 30% ක මට්ටමේ පවතින ඩීසල් විදුලි උත්පාදනය අඩු කරමින් ඒ වෙනුවට සූර්ය බලශක්ති + බැටරි පද්ධති වැඩි වැඩියෙන් ස්ථාපිත කිරීමයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් කඩිනමින් ක්‍රියාත්මක වන්නේ නම් අපේ රටේ විදුලි ගාස්තු ඉදිරියේදී සාධාරණ මට්ටමකට අඩුකර ගැනීමට අනිවාර්යයෙන්ම හැකිවනු ඇත. අප හමුවේ ඇති එකම විකල්පය මෙය පමණි.

~ රජිත විරාජ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...