*
Sunday, May 4, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග :e කොළම


🍎එදා පඩි 25,000 ක් අඩුවට බඩු පෝර ඉන්දන බෙහෙත් ඉල්ලූ අය අද ලූනු බිකක් ඉල්ලන්න එපා යයි කීම. ….?
🍎රනිල් අල්ලස් එකට කැදවීම හා ඔහුගේ ආරක්ෂකයා මාරුකර ඇදගෙන නෑම..?
🍎සජබ මැයි රැළිය තුළ කෙලපු පිස්සුව….?
🍎ජනපති අපට බය වුණාට අපි ඔහුට බය නෑ….?
🍎දිලිත් ගෙන් ආණ්ඩුවට දුම් පිටවන ප්‍රහාර….!
🍎ඉන්දු පකිස්ථාන යුද්ධයකදී ලංකාව අනාථ වන ලකුණු……?
🍎පකිස් තානාපති පරිශ්‍රය වැටලුවේ කවුද…….?
🍎ඇමෙරිකන් උප ජනපති හමුවීමට ඉන්දියාවේ දී පැයක් ගන්න බැරිවීම..?
🍎විවේචකයාට ලැබෙන හොදම දඩුවම බලය ලැබීම ද……?
🍎දළදා වන්දනා අසංවිධානාත්මක බවෙන් ආණ්ඩුවට ප්‍රහාර…..?
🍎හොරකම නාස්තිය නවතා ඉතිරි කළ දෙයින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ තිබේද…..?
🍎දළදාව වැරදුනු තැන ගෝල්ෆේස් පුරවා ඡන්ද දිනීම……?
🍎ජනපති ඡන්ද වලට රාජ්‍ය සම්පත් භාවිත කරද්දී සජිත් කළ වැඩේ……?
🍎2029 කිරුළ නාමල්ට ගැනීමේ පොහොට්ටුවේ වේගවත් ගමන….?
🍎රට බේරපු එකා තුනට දාලා පච කියපු එකා දිනවපු අපූරු රට…..?

විපක්ෂයේ දී හැම දේකටම විරුද්දවීම පහසුය. විවේචකයාට ලැබෙන හොදම දඩුවම බලය ලැබීම හෙයින් මාළිමාව දැන් එම අභියෝගයෙන් පීඩාවට පත්ව සිටී. මාස 07 ක දී බෝක්කුවක් හදා ගන්නට හෝ පොරොන්දු වලින් මාත්‍රයක් ඉටුකරන්නටත් හැකිවී නැත.


දැන් හොරකම් නැත යන්න ආණ්ඩුවෙන් ලැබෙන එකම ප්‍රතිචාරය වේ. එය වැදගත්ය. ඉන් ඉතිරිවූ මුදලින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ මොනවාද යන්න පැහැදිලි කරයි නම් එය වටින්නේය. ඒ අතරම කන්ටේනර් 323 හා හාල් ටෙන්ඩරය හතර වරක් වරදවා ගැසූ ගේම් මහබැංකු හොරකමටත් වැඩි බවට චෝදනා එල්ල වෙන නිසා ආණ්ඩුව ඒ ගැන පැහැදිලි කිරීම ද වටින්නේය.


එක පෙළට ඡන්ද දිනීම පහසු නිසා පළාත් පාලන අටවා ගත්තද එන පොට හොද නැති බව පෙනුන නිසා දළදාවෙන් ජන මනසට ගේම දෙන්නට ආණ්ඩුව ක්‍රියා කල බවට මත පවතී. එය වාසි ලබනවා නොව තිබුණු ඡන්දත් දියකිරීමක් බවට පත් වූයේ එය අසංවිධානතේමකව ඉදිරියට ගිය ජනතාව දැඩි අපහසුතාවට පත්කළ බැවිනි.


මහබැංකු හොරා ඇතුලට දමා එම මුදලින් රට දුවන්නට ආ මාළිමාව චාමර සම්පත් ගැන කළ ප්‍රකාශයකට රනිල් අල්ලස් කොමිසමට කැදවා ජන මනස චූන් කරන්නට උත්සාහ කළේය. කපටි නරියා දින 02 ක්ම වංගු ගසා ආණ්ඩුවට කොචොක් කළේ නීතීඥයා පිටරට බව කියමිනි. කොමිසමට ගිය රනිල් රාජ්‍ය මුදල් රටට වාසි ලෙස පාවිච්චි කරන හැටි ගැන ටියුෂන් පාරක් දී පැමිණි බව සමාජ මාධ්‍ය වල මතය විය. ආණ්ඩුවට ජනපතිට හා කොමිසමට අභියෝග කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද රනිල් පැවැත්වීය.
“මම අල්ලස් එකට යවපු ලිපිය ජනාධිපති රැස්වීම් වල කියවනවා. ඒක එයාට දුන්නෙ කවුද” සීයා හයේ පහරවල් දුන්නේය.ඔහු අල්ලස් එකට කැදවා ආරක්ෂකයා මාරු කිරීම ආණ්ඩුව ඉල්ලගෙන කෑ අවස්ථාවකි. ඒවා ඡන්දයේ මිනිසුන් චූන් කළ තවත් ඇන්දිලි වෙන්නට ද බැරි නැත.
“ඇමෙරිකන් උප ජනපති ඉන්දියාවෙ දින 04 ක් හිටියත් පැයක් ලබා ගන්න මේ ආණ්ඩුවට බැරිවුණා” රනිල් කීය.
ගහන හැම තුරුම්බුවක්ම ලොප්වන නිසා මැයි 01 දා ගෝල්ෆේස් පුරවා ඡන්ද දිනීම මාළිමාවේ ඊළග ට්‍රයි එකය. ඔවුන් 2019 දී ද එය පිරෙව්වද ලැබුණු ජයග්‍රහණයක් නැත. ලක්ෂ 68 රැක ගැනීමට නොහැකිවේදැයි මාළිමාව භීතියකින් පසුවේ.


ජනපති අනුර රාජ්‍ය දේපළ මැතිවරණ සදහා පාවිච්චි කරන බවට චෝදනා එල්ල වුවද සජිත් තම නිළ වාහන ආදී සියලු දේ මැතිවරණ සමයේ බාරදීමට ක්‍රියා කිරීම ඉතා ආදර්ශමත්වැඩකි.
රාජපක්ෂලාට ජවිපෙ විසින් හොරු යයි පට බැන්දේය. රනිල් වටේ සිටි අයටද එයම පටබැදින. දැන් ජවිපෙ හා මාළිමාවට බොරුකාරයන් පචයන් ලෙස විග්‍රහ වෙන පසුබිමක් නිර්මාණයවී ඇති අතර එය ජනතාව අතරින් ආ චෝදනාවක්වීම විශේෂත්වයකි.


“අපි කියපු එක බොරුවක් පෙන්නන්න”ඇමති වසන්තගේ චැලෙන්ජ් කළේය. සමාජ මාධ්‍ය දෙදරවමින් ජනපති හා සෙසු අය කී පච වැල් ගණනින් එළිදකිමින් පිටාර ගියේ ඒ තුළය.


“ඉන්දියාව හා ගැසූ ගිවිසුම් එළිකරන්න එරටේ එකගත්වය ඔිනෑ” ඇමති නලින්දට කට වැරදුනේය. ඉන්දු පකිස්ථාන යුදය අත ලඟය. එහිදී ලංකාවට ඉන්දියාවේ පැත්ත ගන්නට සිදුවන්නේ රහසේ ගැසූ ආරක්ෂක ගිවිසුම නිසාය. 1962 ඉන්දු – චීන යුද්දය නැවතීමට පවා අතරමැදිවූ ලංකාව මේ රජය යටතේ ජාත්‍යන්තරව හිරවී ඇත්තේ නුසුදුසු ගිවිසුම් අත්සන් කළ බැවිනි. කොටි පරදන්නට පකිස්ථානය දුන් සහාය අමතක කොට එම තානාපති කාර්යාලය වැටලීමට පිරිස් එවූ අය රට හෙළා ඇත්තේ දරුණු අනතුරකටය. ඒ පිටුපස රෝ හා මාළිමාව සීටීදැයි බොහෝ අය ප්‍රශ්න කරති.


“බටලන්ද වධකයා කියල මාළිමාවෙ සමහරු කියන අතරේ රනිල්ට විතරයි දැක්මක් තියෙන්නෙ කියල ලාල්කාන්ත කියනවා. මුං මේක ඉස්සර කිව්ව නම් ජීවිත ලක්ෂයක් රැකෙනවා” මන්දගාමී විපක්ෂයට දිලිත් හුස්ම දෙන්නේ දැවැන්ත ප්‍රහාර වලිනි.


බින්දුවටම වැටුණු පොහොට්ටුව නාමල් සමග වේගයෙන් පිබිදෙන තරම්ය. ප්‍රචාරක යුද්දයේදීද ඉදිරියෙනි. මෙම ඡන්දයේදී ලබන ප්‍රතිළුල මත නාමල් 2029 කිරුළේ හිමිකරුදැයිි ඉඟි ලැබෙනු ඇත.
“පච කියපු එකා දිනවලා රට බේරගත්ත රනිල් තුන්වෙනියා කරපු පුදුම මිනිස්සු මේ රටේ ඉන්නෙ” රනිල්ගේ අගසව් රාජිත කීවේ ඒ අතරය.


එදා පඩි 25,000 ක් අඩුවට හැමදේම ඉල්ලා රට ගිණි තැබූ අය අද ලූනු බිකක් ඉල්ලන්නට එපා යයි කීයමින් එදා රටට කළ අවැඩ ඔවුන් ගෝල්ෆේස් වලදී ඔප්පු කළේය.
නායකයාගේ කතාව මැදින් පවත්වා සජබ මැයි රැළිය ඇදගෙන නෑවේ ඇයිද යන්න අමුතුම සිදුවීමකි.
ජනපති අපට බය වුණාට අපි එයාට බය නෑනාමල් ඇදලා ඇරියේ එම මැයි රැළියේදීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan