ක්‍රීඩාව වෙනුවෙන් යහපත් මනුස්සයෙක්ගේ මැදිහත්වීමක් – විරූස්

Date:

නිශ්මං රණසිංහ මැයි 03, කොළඹ LNW:

මනුස්සයට තියෙන්නෙ දුක හිතෙන හදවතක්.හිතවතෙක්ම වෙන්න ඕනි නැහැ දැනෙන මනුස්සෙක්නම් ඔහු හෝ ඇය මේ මනුස්සයා ඔහුගේ හෝ ඇයගේ කරදරයට උවමනාවට මැදිහත් වෙනවා.හැඩට බ්ලොග් ලියන නිසා බ්ලොග් එකේ නමින් හඳුන්වන උප සංස්කෘතියක් රටේ තියෙනවා.ඒත් ඒ අනන්‍යතාවය නැතත් හුඟ දෙනෙක් කියන විදිහට මේ මනුස්සය දුකට පිහිටවෙන,අනුන්ගේ උවමනාවන් තමන්ගේ ලෙස දකින මනුස්සෙක් නිසා දුකා කියන අනවර්ථ නාමය හොඳට පෑහෙනවා.

ඔහු අවුරුදු ගාණක් ලංකාවෙන් දුර ඉන්නෙ.ඒ උපයන දේවල්වලින් තමන්ට කියලා විවිධ දේවල් කරන්න හැදුවත් ඒවා හරි ඉලක්කයට ගෙනියන්න ඔහුට බැරි වුණා.ඒත් ඔහු වැටුණෙ නැහැ.තමන් ලංකාවෙ පදිංචි වෙලා ඉන්න ආසන්නයේම ගෘහස්ථ ක්‍රීඩාංගණයක් හඳන විශාල ආයෝජනයට ඔහු අත තිබ්බා.ඒක දවසින් දවස ප්‍රශ්නවලින් පැන පැන ඇවිත් හැබෑවක් වෙන පළමු දවස අදයි.
Viroosh Sports Complex කියන්නෙ ඒ සැබෑ වුණ හීනයේ නම.මේ සැබෑ වූ හීකය ගැන සැබෑ නම සුභාෂ් ගුණවර්ධන ලියලා තිබුණ තැනකින් පහළ ටික උපුටා ගත්තෙ ඒකට වෙන කිසිවක් එකතු නොකර එපමණක් ඇති කියලා හිතුණ නිසයි.

//”දණහිස් වලට අපහසු නැති ටිම්බර් ෆ්ලෝරින්ග් තියෙන බැඩ්මින්ටන් කෝට් දෙකක්”
“ක්‍රිකට් ගහනකොට අත දිගෑරලා හයේ පාරවල් ගහන්න පුලුවන්, ෆුට්සාල් ප්ලේ කරද්දී ෆුල් ජොලියේ කික් කරන්න පුළුවන් අඩි 35කට වඩා උසක් තියෙන ක්‍රිකට් – ෆුට්සාල් ස්ටේඩියම් එකක්”
“ඊසිලි ඔලිම්පික් මෙඩල් එකක් ගන්න පුළුවන් ස්පෝර්ට්ස් දෙකක් වුනු ආචරි – ශූටින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඒ පට්ට ෆන් ගේම් දෙක ප්ලේ කරන්න ප්ලේස් එකක්”
“ටයිකොන්ඩෝ – කරාටේ – වූශූ වගේ මාශල් ආර්ට් හරි සම්බා සුම්බා යෝගා නැතිනම් ඕන ඩාන්ස් එකක් කරන්න වෙස්ටර්න් රටවල කොලිටි එකේ මිරර්ස් ටීවී ෆික්ස් කරන ඩාන්සින් ස්ටුඩියෝ එකක්”
“ජීවීතේ චැලේන්ජස් ගන්න බය නැති පරපුරක් හදන්න ඕන කරන ඇඩ්වෙන්චර් ගේම් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්න්ඩර්ඩ් එකේ ක්ලයිම්බින් වෝල් එකක්, ඇඩ්වෙන්චර් වෝක් එකක්, ටවර් රැප්ලින් තියෙන ප්ලේස් එකක්”
“වර්ක් ලයිෆ් ෆැමිලි ලයිෆ් එකේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පූල් ප්ලේ කරන්න පූල් පාලර් එකක්”
“කැලරි ඉන්ටේක් එක නොටිෆයි කරපු හෙල්දි ෆුඩ්, ෆෘට් ජූසස් තියෙන සුපිරි කැෆටේරියා එකක්”
“හස්බන්ඩ් ක්‍රිකට් හරි බැඩ්මින්ටන් හරි ගහනකල් වයිෆ්ට එන්ගේජ් වෙන්න ජිම් එකක්, ළමයින්ට ප්ලේ කරන්න සේෆ් කිඩ්ස් කෝනර් එකක් ප්ලෑන් කරලා තියෙන පට්ට කන්සෙප්ට් එකක් එක්ක හදන තැනක්”
“ඉන්ටර්නැෂනල් හයිජින්ක් කෝඩ්ස් ෆලෝ කරලා ලොකර්ස් – චේන්ජින් රූම් එක්ක හදන සෙපරේට් මේල් ෆීමේල් ටොයිලට්ස් බ්ලොක්ස්”
මේ ඔක්කෝම එකම තැනකට එකතු කරලා අපි හදපු විරූෂ් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එක ලංකාවේ ඒ වගේ හදපු ලිමිටඩ් ප්ලේසස් වලින් එකක් වෙන්න ඕන. සමහර විට ඒ ඔක්කොම එකම තැනක තියෙන ලංකාවේ එකම තැන වෙන්නත් පුලුවන්.//

ඔහු කියන මේ එකම තැන ඔක්කොම එකම වෙලේ භුක්ති විඳින්න දැන්ම පුළුවන්ද කියන එක දන්නෙ සුභාෂ්ම තමයි.ඒක ඔහුගෙන් අහන්න අවශ්‍යය වෙනවා.

ලංකාවෙ ක්‍රීඩා සංස්කෘතිය අස්සෙ හතර අතේ උතුරත් – දකුණත්,නැගෙනහිරත් – බටහිරත් යා කරමින් ඇවිදින අපේ ඇස්වලට මෙහෙම ක්‍රීඩා පොළවක් නැති දුප්පත්කම හැම වෙලේම දැනෙන දෙයක්.ඒ නිසාම විරූස් කියන්නෙ ක්‍රිඩාව පොහොසත් කරන පොහොසත් බිමක්.දැනට එයින් ඔබට නෙලා ගත හැකි පල කවරේද කියා දැන ගන්න 077 587 6753 මේ අංකය හරහා පුළුවන්.

මීට වඩා යමක් පළමු දවසේ නෙමෙයි මෙය කූටාප්ප්‍රාප්තියට පැමිණෙමින් තිබෙන මොහොතේම දිය යුතු බවට හැඟීමක් තිබුණත් මේ හීනය වෙනුවෙන් කාර්ය බහුල වෙලා හිටපු සුභාෂ්ගෙන් ඒකට ඉඩක් ලබා ගන්න අපහසු වුණා.ඒත් මේ හැදුණු බිමේ ඔබේ ක්‍රීඩා සහ සෞඛ්‍යමය පහසුව වෙනුවෙන් හොඳ මිත්‍රශිලි,සුහදශීලී,කාරුණික ඉඩක් හැදෙයි කියලා විශ්වාසයෙන් කියනවා.මොකද අයිතිකාරයා දුකා නිසා.

ඒ නිසා මීගොඩ,ගොඩගම,හෝමාගම අවට පමණක් නොවෙයි,කොළඹට ආසන්නයේ ඉන්න අයට වගේම අධිවේගී ප්‍රවේශයේ පහසුකමත් යොදාගෙන විරූස් පහස විඳින්න පුළුවන්.මොකද වාහන නැවතීමේ පහසුකම් ද එහි තිබෙන නිසා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය