ඔලිම්පික් නිලවරණයට සහ නිලධාරීන්ට නිදොස් වන්නට කළ යුතු දෙය

Date:

නිශ්මං රණසිංහ මැයි 03, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටු ලේකම්වරයා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවෙන් ද අනුමත තර ඇත.ඒ නිසා අද වන විට එහි නිලධාරීන් එක්ව සභාපතිවරයාට එරෙහිව කරගෙන යනු ලබන විරෝධය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට අදහස් දැක්වීමක් සිඳුවන බවක් නොපෙණේ.මෙහිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ක්‍රිඩා අමාත්‍යවරයා ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාගේ ද එකඟතාවය ඇතුවය.


මේ තීරණය වැරදිනම් සහ ලේකම්වරයාට පක්ෂ යම් නිලධාරීන් පිරිසක් සිටියිනම් සහ ඒ අතර නීතිඥයන්ද වේ නම් එම විරෝධය සඳහා සහ ලේකම්වරයා ඉවත් කර ගැනීමට ඇති පහසුම මඟ අධිකරණයට කරුණු වාර්තා කර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සැක සහිත බව ඉවත් කර ගැනීමය.මේ වන විට මේ විරෝධතා සටනේ පුරෝගාමීම චරිතයව සිටින නීතිඥවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ප්‍රේමනාත් දොලවත්ත නීතිවේදියෙකු ලෙස ඉවත් කරන ලද ඔලිම්පික් ලේකම් මැක්ස්වල් සිල්වා ගැන කතා කළ යුතු වේදිකාව නොදන්නවා විය නොහැකිය.


පවතින නීතිමට රාමුව ඇතුළෙ දොලවත්ත හිටපු මන්ත්‍රීවරයාට තම දේශපාලන පක්ෂ සාමාජිකයෙකු වන එවකට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඔහුගේ බලතල යටතේ අවස්ථාව පවරා නොදුන්නේනම් ඔහුට මේ කතා කරන වේදිකාවද හිමි නැත.ඒ නිසා කුමන හෝ නීතියකින් පුද්ගලයෙකුට පැවරුණු වරප්‍රසාදයක් අනුව ජිම්නාස්ටික් සංගමයේ තනතුරට පැමිණියා වගේම දොලවත්ත මහතාට සිය දැණුම මත පිහිටා,මෙහිදී සභාපතිවරයා විසින් කරනා ලද නීති විරෝධී ක්‍රියාවක් ඇත්නම් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරිමට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.


ගැටළුව ඇත්තේ දැන් සභාපතිවරයාට එරෙහිව මාධ්‍ය හමු පැවත්වීමෙන් එපිටට නොයෑමෙන් ලේකම්වරයාට එරෙහිව මෙන් සභාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ අමාත්‍යවරයාටත් දක්වන්නට වැරදි චෝදනා නැද්ද යන්නයි.ඒ සැකය අප විසින් මතු නොකරන එවැනි ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඇති කරන සැකයකි.


කෙසේ හෝ මේ සියල්ල අනතුරු හඟවන්නේ ලංකාවේ ක්‍රිඩාවටය. සියල්ලන් මතක තබා ගත යුතු දේ එයය.ක්‍රීඩා ඇමතිවරයාට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සිටින නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා ඔප්පු කරන්නට හෝ නිශ්ප්‍රභා කරන්නට අවශ්‍යය සාධක සළකා බලන ලෙස ඉල්ලා සිටින්නට හැකිය.දැන් සිටින කුමන නිලධාරීයා වුව,සිය කණ්ඩායම් මෙහෙයවිය යුතුව ඇත්තේ නිලවරණය කොයි තත්ත්වයේ හෝ පවත්වා බලය ලබා ගැනීමට නොවන බව අපේ විශ්වාසය වන්නේය.
සියල්ල ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ ද කතා කර එකඟ විය යුතුව ඇත්තේ මේ වන විට ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට එරෙහිව සත්‍ය අසත්‍යතාවය පසිඳවාලිය හැකි ඉක්මන් පරීක්ෂණ ක්‍රියාවලියක් සඳහා අධිකරණ ක්‍රියාවලියක් කරා යාමටය.එය කඩිනම් නොකරන්නේනම් චෝදනාලාභින්ට එරෙහිව නිලවරණයට තරග කිරීම සදාචාරසම්පන්න නොවනු ඇත.මේ තත්ත්වයට එහා ඇත්තක් පෙනෙන්නේ නැත.තියෙන චෝදනා නීතිමය රාමුවක් යටතේ විසඳෙන්නේ නැතුව චෝදනාලාභීන් සැකයට භාජනය වීම නොවැළක්විය හැකිය.


ඒ නිසා මිත්‍රයන් නැතිනම් පාර්ශවකරුවන් එල්ල වී ඇති චෝදනාවලින් ගලවා ගැනීමට සියළු නීති අංශවල පරීක්ෂණ කඩිනම් කිරීම වැදගත්ය.මේ වන විට ඔලිම්පික් කමිටු ලේකම්වරයා මේ වැරදි නිසා ජාත්‍යන්තර මැදිහත්වීම මත තනතුරෙන් ඉවත් කර තිබියදී,ඒ සමඟ චෝදනා එල්ල වී තිබුණු ප්‍රජාව නිවැරදි කීම සඳහා මහා හඬක් ඇති කළ නොහැකිය.ඒ නිසා සමාජය මත නිවැරදි සහ වැදගත් යහපත් මහත්වරු වීම ඇත්තේ චෝදනාවලින් නිදහස්වීමේම පමණය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...