*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/03

  1. ණය පැහැර හැරීම සහ පොලී අනුපාත ඉහළ යාම හමුවේ “සැබෑ ආර්ථිකය” පෙර නොවූ විරූ පරිදි පහත වැටී බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි: 2022 02වන, 03වන සහ 04වන කාර්තුවල සෘණ වර්ධනය පිළිවෙලින් 8.4%, 11.8% සහ 12.4%: 2021 හි පැවති ඇ.ඩො. 3,997 ක් වූ ඒක පුද්ගල ආදායම 2022 වන විට ඇ.ඩො. 3,474 ක් දක්වා ඇ.ඩො. 523 ක දැවැන්ත පහත වැටීමක් පෙන්නුම් කරන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
  2. මෑත දින සිදුකළ බදු ඉහළ දැමීම 441% තරම් අති විශාල ප්‍රතිශතයක් බව මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසූ බව හිටපු පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුදල් උපදේශක ආචාර්ය ගැවින් කරුණාරත්න පවසයි: යෝජිත ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම හරහා හෙළිනොකළ අපහසුතාවයන්වලට මුහුණ දීමට ජනතාවට සිදුවන බවත්, එමඟින් දැවැන්ත ආර්ථික පසු බැසීමකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන් අවබෝධ කර ගැනීමට අසමත් වී ඇති බව ද පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැඟවුනු අභිලාෂය ද එයම විය හැකි බවට චෝදනා කරයි.
  3. ගනුදෙනු සම්බන්ධයෙන් රජයේ පවතින විනිවිදභාවයේ මදකම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) චෝදනා කරයි: බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණවත්තා සහ ද්‍රවශීලතා ආවරණ අනුපාත මේ වන විට නියාමන අවශ්‍යතා තුළ පවතින බැවින් ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා එය ක්ෂය නොකළ යුතු බව අවධාරණය කරයි: ණය කප්පාදුව (credit impairment) පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, තවදුරටත් කප්පාදු කිරීම තිරසාර නොවනු ඇති බවට අනතුරු අඟවයි: බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව ද සිහිපත් කරයි.
  4. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තුළ මේ දක්වා “දිරිගන්වන සුළු සලකුණු” දක්නට ඇති බව, ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් යැයි නිල වශයෙන් හඳුනා ගැනීමට හේතු වූ 2022 අප්‍රේල් 14 වන දින නිවේදනය කළ ණය පැහැර හැරීම සම්බන්ධයෙන් වගකීම භාරගත් එවකට මුදල් අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි: ශ්‍රී ලංකාව තවම වනයෙන් පිටතට පැමිණ නොමැති බව පිළිගනියි: විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ රටේ තත්ත්වය මෙම වසර තුළ තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදුකළ පුරෝකථනයට ප්‍රතිචාර වශයෙනි.
  5. 2023 පළමු කාර්තුව තුළ ඉපයූ ඉතා දුර්වල සමාගම් ආදායම්, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ බිය, සහ කොටස් වෙළඳපොල වසා දැමීමට ඉඩ තිබෙන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය හමුවේ කොළඹ කොටස් වෙළඳපොලේ දර්ශක මාස දෙකකට වඩා අඩු අගයකින් අවසන් වේ: සියලු කොටස් මිල දර්ශකය (ASPI) 3.03% කින් (ලකුණු 272කින්) ලකුණු 8,711 දක්වා පහත වැටෙයි: කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරය සමඟ 2001 ජූලි 24 දිනෙන් පසු පළමු වරට කොටස් වෙළඳපොල එක දිගට දින 11 ක කඩා වැටීමක් පෙන්නුම් කරයි: මෙම වෙලඳපොල දින 11 ක කාලය තුළ අහිමි වූ කොටස් හිමියන්ගේ ධනය රු. බිලියන 288 තරම් වූ අති විශාල අගයකි.
  6. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියාවේ ආර්ථික පුරෝකථනය ඉහළ නංවන මුත් උද්ධමනයේ සහ ගෝලීය වෙළඳපොල අස්ථාවරත්වයේ නොනවතින ස්වභාවය හමුවේ මතුවන අවදානම් පිළිබඳ අනතුරු අඟවයි: උද්ධමනය පහත දැමීම සඳහා සිය මුදල් ප්‍රතිපත්තිය දැඩිව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ මහ බැංකුවලින් ඉල්ලා සිටියි.
  7. මැයි 3 වන දින මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 100 කින් පහත දමන බව ලිට්රො ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි: මීට ගැළපෙන පරිදි අනෙකුත් සිලින්ඩරවල මිල ගණන් ද පහත වැටෙනු ඇති.
  8. කොවිඩ් මත මිය ගිය පුද්ගලයන් භූමිදාන කිරීම හරහා භූගත ජලය අපවිත්‍රවන බවට පළ වූ ආන්දෝලනාත්මක මතයට අදාළව රජය විසින් පත්කරනු ලැබූ කමිටුවක් නොමැඟ යැවීමට වෘත්තිකයකු කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
  9. මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිසන්නිවේදන සමාගමක් වන ඩයලොග් ඇක්සියාටා ඉන්දියාවේ භාර්ති එයාර්ටෙල් සමඟ ඒකාබද්ධ වෙයි.
  10. රඹුක්කන ඔය ප්‍රදේශයේ තම සාම්ප්‍රදායික නිජබිම්වල කැලෑ එළිකිරීම සහ ඒවා විවිධ වගා අරමුණු මත පෞද්ගලික සමාගම් වෙත පැවරීම සඳහා මහවැලි අධිකාරිය ගනු ලැබූ තීරණයට එරෙහිව වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan