එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් සරසවි නියෝජිත පිරිසක් Saegis Campus හි සුහද සංචාරයක නිරතවෙයි

Date:

සේයා රූ:

  1. CCCU නියෝජිතයෝ, Saegis Campus හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ  
  1. CCCU හි සහයෝගීතා අධ්‍යක්ෂ ආචාර්ය ලෝර්නා තෝමස් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය කේටි වෝඩ්න් 

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන පහසුකම් පිරිනමන Saegis Campus, පසුගියදා එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස් චර්ච් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කළේය. Saegis Campus සහ  කැන්ටබරි ක්‍රයිස් චර්ච් සරසවිය (CCCU) අතර පවතින දිගුකාලීන අධ්‍යාපන සහයෝගීතාව, මෙම හමුවීම මගින් තවදුරටත් ශක්තිමත් විය. 

CCCU හි සහයෝගීතා අධ්‍යක්ෂ ආචාර්ය ලෝර්නා තෝමස් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය කේටි වෝඩ්න් මෙම සංචාරයට එක්ව සිටි අතර, Saegis Campus හි ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධි පාඨමාලාවේ සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාවේ 10 වැනි ශිෂ්‍ය කණ්ඩායම්වලට අදාළ හඳුන්වාදීමේ වැඩසටහනට ද ඔවුහු එක්වූහ. 

තව ද මෙම සංචාරය අතරතුරදී Saegis Campus සහ CCCU අතර අධ්‍යාපනික සහයෝගීතාව තවදුරටත් ප්‍රසාරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක්කෙරුණි. විශේෂයෙන්ම CCCU මගින් පිරිනමන තවත් පළමු සහ පශ්චාද් උපාධි පාඨමාලා Saegis Campus මගින් මෙරට සිසුන් වෙත හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමුවිය. 

Saegis Campus හි ඉගෙනුම ලබන සිසුන්ට WiFi පහසුකම්, නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, භාෂා විද්‍යාගාරය, පුස්තකාලය, ශිෂ්‍ය විවේකාගාරය, වඩාත් ඉඩකඩ සහිත වායු සමීකරණය කළ ඩිජිටල් දේශන ශාලා, ක්‍රීඩා සහ විශ්‍රාන්ති ක්‍රියාකාරකම් ආදී පොදු පහසුකම් රැසක් අත්විඳිය හැක. මීට අමතරව, වෘත්තීය මාර්ගෝපදේශනය සහ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන්, නොමිලේ පැවැත්වෙන ඉංග්‍රීසි භාෂා පන්ති, ලියෝ සමාජය සහ රොට්‍රැක්ට් සමාජය, ඇතුළු තවත් පහසුකම් බොහෝමයක් ද සිසුන්ට හිමිවේ. 

මේ අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම ලත් සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ (ගෞරව) උපාධිය (BBM (Hons) Tourism & Hospitality Management) පිරිනැමීම සඳහා ද Saegis Campus වෙත අධ්‍යාපන අමාත්‍යංශ අනුමැතිය හිමි වී තිබේ. එම උපාධි පාඨමාලාව Saegis Campus හි කළමනාකරණ, මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා සහ පශ්චාද් අධ්‍යයන පිඨය මගින් ක්‍රියාත්මක කෙරේ. කළමනාකරණ, පරිගණක සහ ඉංග්‍රීසි මෙන්ම ලොජිස්ටික් සහ සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ උපාධිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා 11ක් දැනට Saegis Campus මගින් පිරිනැමේ. 

සංචාරක කර්මාන්තය දේශීයව සහ ගෝලීයව යළි ප්‍රබෝධමත් වීමත් සමඟ, සංචාරක කර්මාන්තයට අදාළ විවිධ වෘත්තීය අවස්ථා ලබා ගැනීමට සිසුන් සූදානම් කිරීම මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාවේ අරමුණ වේ. ඊට අනිවාර්ය සීමාවාසික සේවා පුහුණුවක් ද ඇතුළත් වන අතර, උපාධිධාරීන් අතර 100% සේවා නියුක්ති අනුපාතයක් දක්නට ලැබීම ද කැපීපෙනෙයි.

Saegis Campus හි තමන් කැමති උපාධි වැඩසටහන හැදෑරීම සඳහා සිසුන්ට පොලී රහිත මාසික වාරික ගෙවීමේ පහසුකම ද තෝරා ගත හැකිය. 2023 ශිෂ්‍ය බඳවාගැනීමට අදාළව 75% දක්වා විශේෂ ශිෂ්‍යත්ව ද පිරිනමනු ලැබේ. 077 0430000 යන දුරකථන අංකය හෝ www.saegis.edu.lk වෙබ් අඩවිය මගින් වැඩි විස්තර ලබාගත හැක. 

  • අවසන්   –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...