අද රැස්වෙන ව්‍යවස්ථාදායක සභාව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද ( 03) පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට සැලසුම් කර ඇති බවත් , මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට නියමිත අතර අදාළ පත්කිරීම් සියල්ල මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිත බව තොරතුරු සඳහන් වේ.

සියලු පුවත් දැන ගැනීමට එක්වන්න අපගේ Whatsapp News room වෙත ??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...