මැයි 7 දා සිට 10 වන දා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය පැවත්වෙනවා.ජූනි මාසයේ 4 සිට 7 වන දා දක්වා දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය පදනම් කරගෙන මේ තරගයේදී තරුණ ක්‍රීඩකයින් ඉහළ දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි අතර මේ වන විට ආසියානු සූරතාවලිය පදනම් කරගෙන ඒ ඒ ඉසව්වලින් තේරීම සඳහා දැක්විය යුතු පරිසාධන මට්ටම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම පරිසාධන මට්ටම් පහත දක්වා ඇති අතර මේ පරිසාධන මට්ටම් ඉක්මවා යන දස්කමක් නොබෝදා ඉතාලියේ පැවති තරගයකදී ශ්‍රී ලංකාවේ තරුණයෙක් වාර්තා කරන්නට සමත්වීමත් මෙහිදී කැපී පෙනෙනවා.ශ්‍රී ලංකාවට වඩා තරගකාරී පොළවක දී දස්කම් ඉහළ නංවා ගැනීමට සමත් වූ මේ තරුණයා 2022 වසරේ දී සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේදී ත් අවුරුදු 18 න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 21.74 න් නිමා කරමින් උළෙල වාර්තාවක් තැබූ දිනෙත් ඉඳුවර වීරරත්න ඉතාලියේදි මේ දස්කම දක්වා තිබෙනවා.
මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලෙන් ලන්ඩන් විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය ලබන ඉඳුවර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමෙන් ඉනික්බිති ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍යය වන පරිසරය සකසා ගැනිමට ඉතාලියට ගොස් සිටින අතර එහිදී ඔහු සිය ක්‍රීඩා කටයුතු අඛන්ඪව පවත්වා ගෙන යාම සඳහා ඉදිරිපත් වූ ධාවන තරගයකදි මීටර් 100ඉසව්ව තත්පර 10.60න් නිමා කර එහි තෙවන ස්ථානය දිනා ගෙන තිබෙනවා.එම තරගයට සහභාගි වන විට තත්පර 10.69 ක හොඳම පෞද්ගලික දක්ෂතාවයේ සිටි දිනෙත් එහි තරගකාරී ස්වරූඵය සමඟ සිය වේගය ඉදිරියට ගෙන යමින් දැක් වූ තත්පර 10.60 දක්ෂතාවය ආසියානු තේරිම් සඳහා නම් කර තිබෙන පරිසාධන මට්ටමට සමාන නිසා ඔහුගේ හැකියාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් වනු ඇති.
අධ්‍යාපන කටයුතුවල නිරත ශිෂ්‍යයෙක් ලෙස ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගාවලියට සහභාගි වීමට පැමිණීමට නොහැකි වුවත්,සිය ක්‍රීඩාව සමග වෛද්‍ය සිහිනය දකිමින් සිටින ඉඳුවරට ශ්‍රී ලංකාවේ තරග වැදිය යුතුය යන සංකල්පය මත සිට ශ්‍රී ලංකාව නියෝජනයට වැට බැදීමට තරම් බලධාරීන් කටයුතු නොකරනු ඇතැයි සිතිය හැකියි.මේ වන විට වඩාත් තරගකාරි බිම් මත තරග වැදෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට අවස්ථාව නොලැබෙන තත්ත්වයක පෞද්ගලිකව එම අවස්ථාවන් සකසා ගන්නා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල ආශිර්වාදය ශ්‍රී ලංකාවට ලබා ගැනිමට ක්‍රීඩා බලධාරින් කටයුතු කළ යුතුව තිබෙනවා.මේ වන විට ඉතාලියේ ජීවත්වන යුපුන් අබේකෝන් මෙන්ම ඇමෙරිකාවේ සිටින උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා මෙන්ම එහිම සිටින ධනුෂ්ක සඳරුවන් ද මේ සම්බන්ධයෙන් උදාහරණ සේ දැක්විය හැකියි.


ඉහළ තරගකාරීත්වය,පහසුකම්වල පුළුල් බව මෙන්ම පුහුණු දැණුමෙන් උසස් පරිසරයක කටයුතු කරමින් ශ්‍රී ලංකාවට සිය ජවයෙන් සේවය කරන්නට සිහින දකින ක්‍රීඩක ගොන්නට අලුතෙන්ම එකතු වන්නා වන ඉඳුවර ක්‍රිඩාව සමඟම වෛද්‍යවරයෙක් වීමට දකින සිහිනයද සැබෑ වුවහොත් එය මලල ක්‍රීඩාවේ අනාගතයට අතිශයින් වැදගත් වනු ඇති.උගත් සහ බුද්ධිමත් දක්ෂයන්ගේ හැකියාව සහ සේවය වඩ වඩාත් ක්‍රීඩාවක් හැටියට පෙරට යාමට රටට අවශ්‍යය වීමේ වැදගත්කම දිනෙන් දින පළල් වන පරිසරයක දිනෙත්ගේ හැකියාවට අපි රට වෙනුවෙන් සුබ පතන අතර ඔහු සම්බන්ධයෙන් අපි ඉකුත් වසරේ තැබූ සටහනට පිවිසිය හැකි සබැදියාවද මේ සමඟ පහතින් සටහන් කරන්නෙමු.
https://sinhala.lankanewsweb.net/01/05/39466/
ඉඳුවරගේ ඉතාලි තරගයට පහත සබඳතාවයෙන් පිවිසිය හැකියි.
https://www.youtube.com/live/5Dl_wmlqjp8?feature=share
සටහන – නිශ්මං රණසිංහ
