තිබුණට වඩා හොද වෙනසක් අපි ඉදිරියේදී කරනවා – එස්.එම්.චන්ද්‍රසේන (VIDEO)

Date:

කොළඹ LNW:පසුගිය මැයි දිනයේදී වෙනසක් සිදුකරන බවට පැවසුවේ ආණ්ඩුවේ වෙනසක් නොව නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

ඒ, අද (03) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ගෙවුණු කාලයට වඩා හොඳ වෙනසක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවයි මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ.

වත්මන් ජනාධිපතිවරයා පත්කර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදයෙන් වන අතර ඉදිරි කටයුතුවලදීද ජනාධිපතිවරයාට සහය දෙන බවත් පසුගියදා IMF ගිවිසුමේ විවාදයේදී ද එම සහය දුන් බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමට හෝ ආණ්ඩුව වැට්ටවීමට හෝ වෙනත් බලවේගයක් ඇති කිරීමට හෝ කිසිදු අදහසක් නොමැති බවයි චන්ද්‍රසේන මහතා තවදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද...

‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...

හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

කාසියේ වාසිය සජිත්ට?

උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...