ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඇමෙරිකාව අපහසුවෙන් මෙල්ල කර ගනිති

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 04, කොළඹ (LNW): කාන්තා විස්ස විස්ස ලෝක කුසලානයට සුදුසුකස් ලැබීමේ වටයේ ඒ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස අවසාන පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි විය.අවසාන තරගය ඇමෙරිකාවට එරෙහිව පැවති අතර එය අනපේක්ෂිත පීඩනයක් එල්ල කළ තරගයක් වූයේය.

කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 123 ට සීමා කරන්නට ඇමරිකානු කණ්ඩායමට හැකි විය.ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් පමණක් දැවී ගිය ද විශාල ලකුණු ප්‍රමාණයකට යාම වළක්වමින් ඇමරිකානු පන්දු යවන්නියන් ඉලක්කයකට පන්දු යැවීම කැපී පෙණින.ඒ අතර ශ්‍රී ලංකේය සම්භවයක් ඇති ජෙසිකා මේරි විලත්ගමුව ද වූවාය.ඇයට කඩුලු අහිමි වුව ද,සිය වමත් මද වේග පන්දුවෙන් පන්දු ඕවර් 4 ක් යවා ලකුණු 22 ට ශ්‍රී ලංකාවට දෙන ලද ලකුණු ප්‍රමාණය සීමා කළාය.කැපී පෙණුනම පන්දු යවන්නිය වූයේ ශාන්වි ඉමාදිය.ඇය පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ක් පමණක් දි කඩුල්ලක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතර හොඳ කඩුලු සබඳතාවයන් එකක් හෝ පැන නොනැගීම පීඩනයට ප්‍රධාන හේතුව විය.එසේම චමරි අතපත්තු පළමු ඕවරයේදීම දැවී ගියාය.එහෙත් එතැන සිට ඉණිමේ හොඳම සබඳතාවය තබා ගන්නට විශ්මි ගුණරත්න (25) සහ හර්ෂිතා සමරවික්‍රම (23) සමත් වූහ.ඒ දෙවන කඩුල්ලට ලකුණු 49 ක් ය.තරගයේ වගකීම් සහගත බවට උර දුන්නී බවට පත් වූයේ හංසිමා කරුණාරත්නය.ඇය නිලක්ෂි ද සිල්වා (21) සමඟ සිව්වන කඩුල්ලට ලකුණු 43 ක් සහ අවසාන කඩුල්ලට නොබිඳි ලකුණු 35 ක් අනුෂ්කා සංජීවනී (නොදැවී 15) සමඟ එකතු වෙමින් ශ්‍රී ලංකා ඉණිම නිමාවේ නොදැවී ලකුණු 25 ක් රැස් කර තිබුණාය.

ඇමෙරිකානු පිතිකාරිණියන් ශ්‍රී ලංකාව අපේක්ෂා කළාට වඩා අසීරු පෙණුමකින් අභියෝගය භාරගෙන තිබිණ.දිශා ධින්ග්රා (28) සහ නායිකා සින්ධු ශ්‍රියර්ෂා (27) මෙන්ම තරගයේ අවසානයේ පන්දු 15 න් නොදැවී ලකුණු 20 ක් රැස් කළ පූජා ෂා ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ආසන්න වීමට විශාල උත්සාහයක් ගත්ත ද එය පන්දු ඕවර් 20 අවසානයේ කඩුලු 6 ට ලකුණු 105 ක් ලෙස නතර වී තිබිණි.තරගයේ වීරවරිය වෙමින් චමරි පිත්තෙන් ලබා දෙන්නට බැරි වූ සහය පන්දුවෙන් ලබා දෙමින් සිය පන්දු වාර 4 ලකුණු 14 ට කඩුලු 3 ක් ලබා නිමා කළාය.උදේශිකා ප්‍රබෝධනී එක් කඩුල්ලක් පමණක් ලබා ගත්තද ඇය සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 13 ක් පමණක් දී කඩුල්ලක් දවා ගත්තාය.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවය.


https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-2024-1425615/sri-lanka-women-vs-united-states-of-america-women-19th-match-group-a-1425656/full-scorecard


තරගයේ විශේෂ අවස්ථා සඳහා පහතින් පිවිසෙන්න.


https://www.youtube.com/watch?v=sIO8LCvvncM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිත අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර...

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...