*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

තුන්වන දිනටත් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW):අද (04) තුන්වන දිනටත් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ඇණහිට ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ, වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ ක‍ළේ , 8 වැනි දාට පෙර ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ, අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan