සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2023 වසරේ කැනඩාවේදී ඝාතනයට ලක් වූ සීක් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනේඩියානු පොලිසිය ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට ඉන්දීය රජය සමඟ සබඳතා තිබේදැයි විමර්ශනය කරන බව වාර්තා වේ.

45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය වසරේ විශාල සීක් ජනගහනයක් වෙසෙන වැන්කුවර් උපනගරයක් වන Surrey හි Sikh කෝවිලකින් පිටතදී වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහු ඉන්දියාවේ ස්වාධීන සික් නිජබිමක් වන ඛලිස්තානය නිර්මාණය කිරීම සඳහා කැනඩාවේ සිට කටයුතු කරන්නෙකි.

නිජ්ජාර්ගේ මරණයෙන් අනතුරුව කැනඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මෙම මරණයට නවදිල්ලිය වගකිව යුතු බවට විශ්වසනීය සාක්ෂි තමන් සතුවන බව ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් පලුදු විය.

නිජ්ජාර් “ත්‍රස්තවාදියෙකු” ලෙස නම් කර ඇති ඉන්දියාව කැනේඩියානු අගමැතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති මුත් පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව ගැන කනස්සල්ල පළ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...