සංසරණය සඳහා නුසුදුසු රුපියල් බි.80 කට ආසන්න මුදල් නෝට්ටු තොගයක් විනාශ කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW):ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් 2023 වසරේදී සංසරණය සඳහා නුසුදුසු රුපියල් බි.80 කට ආසන්න මුදල් නෝට්ටු තොගයක් ගිනි තබා විනාශ කර ඇති බව පැවසේ.

මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූල නොවන තත්ත්වයේ තිබූ රුපියල් බිලියන 79.82ක මුදල් නෝට්ටු මෙලෙස ඉකුත් වසරේදී විනාශ කර තිබේ.

මහ බැංකුව විසින් ඉකුත් වසරේදී නව ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 250 ක් ඇණවුම් කර ඇති අතර, ඒ අනුව රුපියල් බිලියන 469.28ක වටිනාකමකින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ රුපියල් මිලියන 571.95ක වටිනාකමකින් යුතු කාසි සංසරණය සදහා නිකුත් කර තිබේ.

මෙරට මුදල් සංසරණය ඉකුත් 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මුදල් සංසරණය ඉකුත් 2022 වසරේදී සියයට 2.1ක පැවැති වර්ධනය 2023 වසර වන විටදී සියයට 15.6ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව ඉකුත් වසරේදී (2023) රටේ සංසරණය වී තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,186.5කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...