මධ්‍යම කදුකරයේ ජලාශවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): පවතින අධික වියළි කාලගුණයත් සමඟ මධ්‍යම කදුකරයේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසයි.

ඉංජිනේරුවන් කියා සිටියේ, අද (04) උදැසන වන විට පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහල බැස ඇති බවයි.

ජලාශයන්හි ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වී තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...