(වොෂින්ටන් වෘකයා)
🍎ස්මාට් වැඩ්ඩා හෙවත් කපටි නරියාට කලගුණ සැලකූ මැයි රැළිය….?
🍎හාම්පුත්තු නඩු දැම්මොත් ආණ්ඩුව කම්කරුවාගේ පැත්තේ…..?
🍎ජවිපෙ හා සජබ උපරිමය මෙයයි. එජාප – පොහොට්ටුවේ උපරිමය තව දුර බවට විග්රහ.
🍎ජවිපෙ හා බොහෝ රැළිවල බනිනවා මිසක රට හදන වැඩ පිළිවෙල කීවාද..?
🍎ඇමති ෂෙහාන්ට ඇමෙරිකන් ලකුණු..?
🍎ඇමෙරිකන් ටුවරිස්ට්ලා ලංකාවට ගේන ඇමෙරිකන් මහින්දගේ දැල….?
🍎අප්‍රිකානු සංගමයේ ලකුණු රටට ගෙනා බොගොල්ස්.
🍎බුලත්සිංහල සුපිරි පාටිය….?
බෙල්ල යන බලය නම් අවිය ලබා ගැනීමට සියලු දෙනා මරාගනිද්දී කපටි නරියා හෙවත් “ස්මාට් වැඩ්ඩා” රනිල් අනාථ රටට හුස්ම දුන්නේය.
මෙවර මැයි රැළියේදී කිසිවෙකු නොසිතූ දැවැන්ත ජන ඟගක් රනිල්ට කලගුණ සලකන්නට ආවේය. උදේ කොටගල දී වතු කම්කරුවන්ට රු 1700 ක් දුන්නේ මනුෂ හා තොණ්ඩා ලග තබාගෙනය.කොළඹ එජාප රැළිය ඊටත් එහාය.
“මිනිස්සු කලගුණ දන්නවා”මහාචාර්ය ආශු කීවේය. “හ්ම්” ස්මාට් වැඩ්ඩා කීවේ එපමනය. ගාල්ල බෙලිඅත්ත නුවර සිට දුම්රිය තුනක් සෙනග පටවා කොළඔ ගෙනාවේ වජිරය. ඔවුන්ට දිවා ආහාර දුම්රිය පළේම සූදානම් කොට තිබිණ.
සමහර කථිකයන්ගේ පමාවෙන් ගැටලු මතුවිය. රවිගේ පිළිගැනීමේ කතාව රංගෙට කරන්න වූයේ එහෙයිනි.
“හුගක් රැළිවල ප්‍රධාන කථිකයා කලින් කතා කරනවා. රෑ ප්රවෘත්ති වල ඉඩ ගැනීම අරමුණයි. ජනාධිපතිතුමාත් කලින් කතා කරන්න” ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් ජනපතිට “ටිප්” එකක් දුන්නේය.
“හරි…අනිත් රැළි ගැන පැයක් ඇතුලත වාර්තාවකුත් මට දෙන්න” ස්මාට් වැඩ්ඩා දිනිත්ට කීවේය.
“එජාප රැළිය ඉතා හොදයි. ආශු මාරසිංහ මිනුවන්ගොඩින් 4410 ක් ගෙනැත්. පලාත් සෞඛ්‍ය රියදුරු සංගමේ 1417 යි හාල් මෝල් අය 273 යි ස්වේච්ඡා ගුරුවරු 73 යි ඊට ඇතුලත්. අනිත් අයත් ඒ වගෙම සෙනග ගෙනාවා” අයෙක් කීවිට ජනපති පිනා ගියේය. සාගල සුදුවැල්ලේ කිත්සිරි රාජපක්ෂ සමග පෙළපාලියකින් ආවේ මහ සෙනගක් සමගය.රුවන් අකිල ඇතුළු කාගේත් කැපවීම ඊට නොදෙවෙනිය. ඉන්දීය ශිල්පීන්ගේ සංගීතය නැගලා ගිය නිසා රෑ 01 දක්වා ගිය අතර ඇමති හරේන් ද ගී ගැයුවෙිය.
පසුදා කාර්යාලයට ආ ජනපතිට කවුරුත් කීවේ රැළිය සාර්ථක බවය.
“සජබ රැළියට රාජිත තලතා හකීම් රිෂාඩ් නෑ. ෆොන්සේකා එපා වාහෙට හොදි බෙදලා ගිහින්”ආශු කීවේ සිනා මැදය.
“ජවිපෙ උපරිමය තමයි ඔය. එයාලගෙ මාතර රැළියට ආව ඌව කෙනෙක් මිය ගිහින්. අනුන්ට බණ කියමින් එයාලත් සෙනග ඇදපු හැටි දැන් පැහැදිලියි” ආශු කීය.
“තනි මිනිහෙක් විශ්වාස කරල වැඩ වලට කෘතගුණ සලකලා සෙනග ආවෙ එජාප රැළියට විතරයි” ඇමති මනූෂ කීය.
“මේ පාර කාන්තාවෙ හා තරුණ පරපුර අඩුයි” කපටි නරියා විග්රහ කළේය.
“ඒත් රෑ සංගීතෙ ට තරුණ අය ආකර්ශන වුණා. ඒක කළෙත් ඔබතුමායි” මනූෂ කීය.
“සජබ හා ජවිපෙ උපරිමය ඔිකයි. එජාප හා පොහොට්ටුව මුල්වරට එළියට ආව නිසා මේ උපරිමය නෙවෙයි. අනික එජාප පොහොට්ටු හා කොටගල සෙනග එකතුව අනිත් ඒවට වඩා වැඩියි”එහිදී විග්රහ විය.
වයඔ ආණ්ඩුකාර ලෙස මුස්ලිම් අයෙකු පත්කිරීම ගැන පක්ෂ විපක්ෂ මතවාදද එළි දුටුවේය.
“වතු අයට රු 1700 ක් දෙනවට විරුද්ධව හාම්පුත්තු නඩු යනවලු” මනූෂ හා නවීන් කීහ.
“නඩු දාන්න කියන්න. අපි කම්කරුවන්ගෙ පැත්තෙ ඉදන් නඩුව දිනන්න සහාය දෙමු”ස්මාට් වැඩකාර කපටි නරියා කීවේ මැයි රැළියෙන් ලද උණුසුම් ප්‍රතිචාර මැදය.
“ජවිපෙ හා බොහෝ රැළි වල අනිත් අයට බැන්නා මිසක් රට ගොඩදාන හැටි කිව්වෙ නෑ” නවීන්ගේ එම මතයට පැසසුම් ලැබිණ.
“මාළිමා වේදිකාවෙ අනුර කිව්වා අපේ රැළි වල මේ ඉන්න අතිබහුතරයක් ජවිපෙ කොට්ටාශ සභාවල් වල අය කියලා. එයාලගෙ සමාජ මාධ්‍ය මඩ බලකායත් 70,000 කියල එයාලම කියනවනේ. ජවිපෙට දේශපාලනය කරන අය මිසක් ජනතාව ඒ රැළිවල නෑ කියල නායකයම කියන එක හොදයි” අයෙකු කීවේ සිනා මැදය.
යුරෝපා නොවන රටවල් වලට අයත් ශ්‍රී ලංකාව හා රටවල් 55 ක “පාස්පෝට් DC 2024” මෙවරද වොෂින්ටනයේදී උත්කර්ෂවත්ව මැයි 04 පැවැත්වීමට ඇමෙරිකන් මහින්ද සූදානම්ය.
අපේ සංස්කෘතිය කලාව ආහාර පාන ඇදුම් සංගීතය නර්ථන බෙර චිත්‍ර ඡායාරූප ඇතුළු සියල්ල මෙහි තිබේ.
“ගියවර 3750 ක් ආවා. මෙවර 5000 ඉක්මවනවා. ඒ හරහා ලැබෙන ප්රචාරයෙන් ඇමෙරිකාවෙන් ලංකාවට එන සංචාරකයන් විශාල වැඩිවේවි” තානාපති නිළධාරීන් කීවෝය.
IMF කතාබහට වොෂින්ටන් ආ ඇමති ෂෙහාන් හා පිරිසට ලංකාවට ආයෝජන ලබාගැනීමට ඇමෙරිකන් මහින්ද ඇමෙරිකාවේ ප්‍රමුඛම සමාගම් 20 ක් සූදානම් කළේය. එම කතාබහ ඇමති ෂෙහාන් මෙහෙයවූ අයුරු හා සෙසු පිරිසේ කැපවීම ගැන ප්‍රසංශා කොට එහි සංවිධායකයන් ඇමෙරිකන් මහින්දට ලිපියක් එවීමෙන් පසු ඔහු එය ෂෙහාන් හා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන්ට යැවීය.
ලන්ඩන් බෝගොල්ලාගම ද රටට ගෞරව ගෙනෙන වැඩක් කළේය. මුගාබේ යුගයේදී පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පැන්නූ සිම්බාබ්වේට එය යළි ලබාදීමට බෝගොල්ලාගම පළමු පාදය තබා කරුණු කීවේය.
පසුදා ටැන්සානියානු ජාතික දින ට ගිය ඔහු වටකරගත් අප්‍රිකානු සංගමයේ රටවල් 21 ක තානාපතිවරු ඔහුට ප්‍රසංශා කළේය.
“මේක ජනපති රනිල් හා ලංකාවේ විදෙස් පිළිවෙත නිසා ලැබූ දෙයක්” එසේ කී බෝගොල්ලේ එම ගෞරවය රටට ලබා දුන්නේය.
බුලත්සිංහලට බලවතුන් එන්නේ ජාත්‍යන්තරය ද දිනූ මංජු රණවකගේ පාටියටය. මෙවරත් වැඩේ සංවිධානය කළේ නිපුන් ඒකනායක ය. පාටිය පිටුපස හිටියේ රාජිත බවත් ඊට කපටි නරි හෙවනැලි වැටී තිබුණු බවත් කියවේ.රාජිත පාඨලී ආශු දිලිත් ඇතුලු බලවතුන් හා රටේ ජනමාධ්‍ය ඔස්තාර්ලා වෙනදා මෙන්ම එහි පැමිණ යක්කු ගස් නගින වෙලාවේද සවුදිය පිරුවෝය.

