ආණ්ඩුවක් නැතිම වෙයිද ? අද තීරණාත්මකයි. පාර්ලිමේන්තුව අවට යකඩ වැට සමග ඉතාම දැඩි පොලිස් රැකවල් !

0
1820

අද දිනයේදී (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු රැස්වීම ඉතාමත්ම තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

වත්මන් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත භාරදී ඇති අතර අනෙක් පසින් කියවෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වෙනු ඇති බවකි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් සමස්ත කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වන අතර ආණ්ඩුවක් නොමැති තත්වයක් නිර්මාණය වේ.

මේ අතර ඊයේ සවස් භාගයේ සිටම පොලිසිය සහ ආරක්ෂක අංශ පාර්ලිමේන්තුව අවට ආරක්ෂක රැකවල් තරකිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි. යකඩ බට යොදාගෙන සකස් කෙරෙන ස්ථිර මාර්ග බාධක ඇතුළුව දැඩි ආරක්ෂක රැකවලක් පාර්ලිමේන්තුවට යොදා ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here