අඛණ්ඩ අහාර සැපයුමක් වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම්ගත වෙයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අරමුණු කරගනිමින්, ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකාවේ සමූපකාර අපනයන හා ආනයන සංගමය (COOPFED) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගත වීම සිදුව ඇත.

මෙම අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව දෙරට අතර වෙළෙඳ සහ වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එහිදී, ඉන්දීය-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) වැඩිදියුණු කිරීම ඇතුළු ද්වීපාර්ශ්වික වැදගත්කමකින් යුත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඵලදායි අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන් .

මෙමඟින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සහ සහනදායී ක්‍රමවේද යටතේ ලබා ගැනීමට මෙන්ම, දෙරටේ සමූපකාර අංශයේ සහයෝගීතාව නව මංපෙත් වෙත යොමු කිරීමට අපේක්ෂිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...

ආලෝකයෙන් මොළයේ සෛල පාලනය කරමින් 2026 නොබෙල් ත්‍යාගය දිනූ විප්ලවීය සොයාගැනීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ජීවමාන  මොළයක ක්‍රියාකාරිත්වය...