පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අදාලව පැවැත්වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ලබාදීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සූදානමින් සිටී.
මේ පිළිබඳ විවාදයක්ද අද දිනය තුළ පැවැත්වීමට නියමිතව තිබේ.
පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක තනතුර සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීමද අද සිදුවන අතර ඒ හරහා ආණ්ඩුවේ සහ විපක්ෂයේ බලය පිළිබඳවද අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
UN