අද පාර්ලිමේන්තුව : උදෙන්ම විශේෂ පක්ෂ නායක රැස්වීමක්. මහින්දගේ විශේෂ ප්‍රකාශයත් සූදානම් !

අද (04) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පෙරවරු 09.15ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති අතර දැනට පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් සහ විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත ය.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවත් සඳහන්.

RN