මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්!

Date:

මෙරට විදේශ ද්‍රවශීලීතා සංචිත ඩොලර් මිලියන 50 ක් වත් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

රජයේ බදු ආදායම් සියයට 8.7 ක සීමාවේ පවතින බව ද මුදල් අමාත්‍යවරයා සැල කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර බව ද සඳහන් කළ ඒ මහතා, එම අරමුදලේ වැඩසටහනට ඇතුල් වීමට අවම වශයෙන් මාස හයක පමණ කාලයක් වත් යනු ඇති බව ද අනාවරණය කළේය.

මේ අතර, 2022 වර්ෂය සඳහා වූ අයවැය තවදුරටත් ප්‍රායෝගික නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව, නව අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව ද අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...