ඉන්දීය ණය පහසුකම යටතේ ඉකුත් සතිය තුළ මෙට්රික් ටොන් දහසක සහල් ආනයනය කිරීමට හැකි වූ බව ශ්රී ලංකා රාජ්ය වෙළඳ සංස්ථාව නිවේදනය කරයි.
මෙසේ ආනයනය කරන ලද සහල් ලංකා සතොස සහ සුපිරි වෙළඳසැල් හරහා සහන මිලට බෙදා හැරීම සිදුවනු ඇති බව එම සංස්ථාව පවසයි.
ඒ අනුව, පොන්නි සම්බා කිලෝග්රෑම් 01ක් රු. 175 කට ද, නාඩු සහ සුදු කැකුළු කිලෝ 01ක් රු. 145 ට ද විකිණෙනු ඇති බව එම සංස්ථාව වැඩිදුරටත් පවසයි.
ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්රික් ටොන් ලක්ෂ 03 ක සහල් ශ්රී ලංකාවට ආනයනය කිරීමට අපේක්ෂා කෙරේ.
MIAP