විජේ ඝාතනය ගැන ලාල් කාන්තට පිළිතුරක් ….

Date:

විජේ කුමාරතුංග යනු මියගොස් දශක තුනක් ඉක්ම ගොස් තිබියදී පවා විටින් විට ප්‍රාදූර්භූත වන අදෘෂමාන ආත්මයයකි. ලාල් කාන්තගේ කතාව හරහා ඔහු ගැන වෘතාන්තය නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.

ඔහු එදා එක් මොහොතක L.T.T.E. පාලන ප්‍රදේශය මැද්දටම ගොස් ඔවුන් ප්‍රාන ඇපයට තබාගෙන සිටි සිංහල සොල්දාදුවකු මුදවාගෙන පැමිණියේය. (මගේ මතකයට අනුව)

මේ සිදුවීම් තුලින් ගම්‍ය වන්නේ දකුණේ මෙන්ම උතුරේද අති විශාල ජනකායක් විජේට ආදරය කල බවත් ඔහුව විශ්වාස කල බවත්ය. 88දී විජේව ඝාතනය නොකලේ නම් 1994දී ජනාධිපති වන්නේ චන්ද්‍රිකා නොව විජේය. එසේ වූවානම් දෙමළ ජනවර්ගයාගේ ප්‍රශ්ණය ලේ සාගරයක නොගිල්වා යුක්ති සාධාරණ ලෙස මේ වනවිට විසඳී තිබීමට ද ඉඩ තිබින.

ඒ අනුව විජේ ඝාතනය යනු උතුර දකුණ යා කල හැකිව තිබූ පාළමක් කඩාබිඳ දැමීමක් හා සමාන දෙයක් විය.

විජේ ඝාතනය වූ වකවානුව තුල ජ.වි.පෙ. දිවිහිමියෙන් පෙනීසිටියේ ජනප්‍රියවාදී ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙනි. මේ ඒකීය රාජ්‍යය ගුණවංශලාගේ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයම මිස වෙන අන් කවරක්වත් නොවේ.ජ.වි.පෙ.ජාතිවාදී අගාදයකට ඇදවැටීමේ විබවය තිබුනේද මේ ඒකීය ලක්ෂයේමය.

ඒ අනුව එදා පලාත්සබාව යනු ජ.වි.පෙ.ට වහකදුරු මෙන්වූ දෙයකි.

විජේ ඝාතනය යනු ඔවුන් බෙදුම්වාදය නමින් හැඳින්වූ ඔවුන්ගේ පාලාත්සබා විරෝධයේම කෲර පලයකි..මේ සමයේ විජේ ඝාතනය කිරීමේ හේතු ගැන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මුද්‍රණය කල අත් පත්‍රිකාවක්ද මෑතක්වන තුරුම මාගේ මිත්‍රයෙක් සතුව තිබින.

නමුත් වර්තමාන ජ.වි.පෙ. ය මේ ඉතිහාස අගතීන්ගෙන් ක්‍රමක්‍රමයෙන් මිදෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. දේශපාලන වශයෙන් කැළෑවැදුන ප්‍රවාහයක් නැවත නිවැරදි දිශාවක පිහිටුවීම ලේසි පහසු කාර්‍ය්යක් නොවේ..හරිණි අමරසූරිය විසින් දහතුන් වෙනි ශංශෝදනය පිලිගන්නා බව ප්‍රකාශකිරීමත් පසුව ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දහතුන නැතත් ඒ හා සමාන ස්වාධීනත්වයක් දෙමළ ජනයාට දීමට කැමැත්ත දැක්වීමත් ඔවුන්ගේ නිවැරදි වීමට දරණ උත්සාහයේ ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය ….

දැන් විජේ ගැන කතාකිරීමෙන් පලක් නැත, මන්ද ඔහු නැවත පැමිණෙන්නේ නැත. දැන් ඇත්තේ ඉදිරිය ගැන සිතීමය. ලාල්ගේ විජේ ගැන කණගාටුවට මමද එක් වෙමි නමුත් විජේ ඝාතනය ප්‍රේමදාස ගිනුමට බැරකිරීම ප්‍රතික්ෂේප කරන අතර එසේ නමුත් ප්‍රේමදාස යනුද දකුණ ලේ විලක් කල ඝාතකයෙකු බවද සටහන් කර තබනු කැමැත්තෙමි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!