Tuesday, May 30, 2023
spot_img

Latest Posts

රූපලාවන්‍ය ආලේපන මිලදීගන්නේ පරිස්සමෙන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පිටකොටුව කදිරේෂන් විදියේ ගබඩාවක තිබියදී , ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකුගේ නම සඳහන් නොවන රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ. එහි වටිනාකම

රුපියල් මිලියන 30 ක් පමණ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරිය පැවසුවේ, දේශීයව නිෂ්පාදනය කළ එම රූපලාවන්‍ය ආලේපන විදේශීය නිෂ්පාදන ලෙස පවසමින් පාරිභෝගිකයින් නොමග යවමින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර ඇති බවයි. රසායනාගාර වාර්තා සඳහා මෙම ආලේපනවල සාම්පල යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.