*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කොළඹින් පිට හිටියොත් කට බඩ නැද්ද?

මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයෙන් දෛනිකව රුපියල් 1500 ක් ආහාර සඳහා ඉහළ කාර්ය සාධන සංචිතයේ සිටින ක්‍රීඩකයෙකුට වෙන් වී ඇති අතර ක්‍රීඩාවට වඩා හොද පාරිසරික වටපිටාවක රැඳෙමින් ඉසව්වන්ට අදාළව පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹ නොසිටීම නිසා එම මුදල ගෙවන්නේ නැත.මේ සම්බන්ධයෙන් දිගු කාලයක් පුරා සාකච්ඡා වුව ද තවමත් එම ක්‍රීඩකයින් වෙනුවෙන් එම මුදල ගෙවන්නේ නැති බව අප විසින් කරන ලද කරුණු විමසීමකදී දැන ගන්නට ලැබිණ.

මෙම ව්‍යාපෘතිය භාරව සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න ගෙන් අප ඒ සම්බන්ධයෙන් විමසා සිටියේය.නමුත් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරියේ දී ඒ ගැන කටයුතු කරන ආකාරය බලා සිටින්නැයි පැවසීය.එසේම එම කරුණ ගැන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මුතුමාලයන්ගෙන් වැඩි විස්තර විමසන ලෙස ද ඔහු පැවසීය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුරෙන් කියැවුණේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දැන ගැනීමට ලැබෙනු ඇති බවය.එසේම ඊට වඩා පිළිතුරක් දීමේ හැකියාවක් තමන්ට නැති බව ද විජෙරත්නයන්ට සමාන පිළිතුරකින් එම අදහස් විමසීම නිමා විය.

මේ ආකාරයට කොළඹ සංචිතයේ නොනැවතී පුහුණුව කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් වන්නේ අරුණ දර්ශන,ගයන්තිකා අබේරත්න,නිලානි රත්නායකයන් වැන්නෝ ය.එ අතරින් ගයන්තිකා සහ නිලානි තමන්ට ලැබෙන හමුදා වැටුපෙන් කොටසක් වියදම් කරගෙන සිටින්නේ නිවසේ ද නොව කොළමින් බැහැර තමන්ගේ ඉසව්ව පුහුණු වන්නට හොඳම පරිසරය හොයාගෙන ගොස් ය.
ඒ දෙදෙනාම සිය ඉසව්වන් හී ජාතික වාර්තාවන්හී හිමිකරුවෝ වෙති.එසේම තවමත් මීටර් 400 ඉසව්වේ කණිෂ්ඨ ජාතික වාර්තාලාභියා වන්නේ අරුණ දර්ශනය.ඔහු ඊයේ (මැයි 03) ජපානයේදී තමන්ගේ හොඳම පෞද්ගලික කාලයද වාර්තා කරමින් සිය හැකියාවන් තව දුරටත් ඉදිරියට ගෙන යන්නනට ද සමත් විය.ඒ අනුව ඔවුන් තමන්ගේ ඉසව් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන බවට තවත් සාක්ෂි අවශ්‍යය නැත.අප උදාහරණයට ගත් එම තිදෙනාට අමතරව තවත් අය මේ පහසුකම් නොලබන ලැයිස්තුවේ ඇත.

ඉතිහාසයේ පටන්ම ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට පැමිණෙන නිලධාරීන් ක්‍රීඩා විෂයේ ප්‍රවීනයෝ නොවෙති.එහෙත් ඔවුන් පරිපාලනයට සුදුස්සන් සේ සමත් වූවෝය.ඔවුන්ට ක්‍රීඩාවේ තාක්ෂණයේ වැඩ කටයුතු සමඟ තීරණය ගන්නට ඔවුන්ට අසමත්ව තිබෙන සමත් කළ යුතුව ඇති ක්‍රීඩාවේ අසමත්කමට දශක ගණනක සිට සම්බන්ධ වූ නිලධාරීන් ය.ඒ හරහා එන දත්ත මතම ක්‍රීඩාව මෙහෙයවන්නේනම් ප්‍රතිපලය සමාන වනු ඇති අතර ක්‍රීඩකයාට සහ ක්‍රීඩාවට විය හැකි සුගතිය අවිශ්වාසය.

මෙහිදී ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ට ක්‍රීඩාව සම්බන්ධ නිලධාරීන්ගෙන් ලැබුණ දත්ත මත සිය ප්‍රකාශ කළමණාකරනය කරන බව පැහැදිළිය.එන පුද්ගලයා හැඩය වෙනස් කරනු වෙනුවට තියෙන හැඩයට සකසා ගැනීමේ අත්දැකීම ක්‍රීඩා අමාත්‍යංශයේම සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේම පැළවෙන නිලධාරීන්ට අපහසු දෙයක් නොවේය.වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද ඇමතිවරු,ලේකම්වරුනේගේ සිට සැකසෙන ආකාරයට සකස් නොවී අලුතින් හිතා තීරණ ගෙන ක්‍රීඩාව සහ ක්‍රීඩකයා සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කර ගතහොත් ක්‍රීඩාවට යහපතක් වනු ඇත.මෙහි සේවය ලැබෙන්නේ ශරීරයට අපමණ වෙහෙසක් දෙමින් දා මුඟුරු වගුරමින් රටට කීර්තියක් ගෙන දෙන්න පුහුණුවෙන මිනිස්සුන්ටය.එය තේරුම් ගැනීම වැදගත්ය.කාර්යාලයෙන් එළියට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ගත කරන්නට ක්‍රිඩා පිටි තුළ රස්තියාදු විය හැකිනම් සොයා ගැනීමට හැකි අලුත් මානයන් බොහෝ ය.

කොළඹ නොරැඳෙන වුන් කන්න බොන්න අවශ්‍යය නැද්ද?උන්ට කටවල් බඩවල් නැද්ද?උන් තබන වාර්තා පෙන්වන දක්ෂතා රටට වැදගත් නැද්ද? කොළඹ නොව ක්‍රීඩාවට අවශ්‍යය යම් සුදුසු පාරිසරික සාධක ඇති තැන්වලට ක්‍රීඩකයින් රැඟෙන යනු වෙනුවට පරිසරේ වැඩක් නැහැ කොළඹ ඉදලා කාලා බීලා ඉඳපන් කියන තැන අමාත්‍යංශය හෝ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරින් සිටින්නේ ද?

අපි තොරතොරු වාර්තාකරණය පිණිස අදාළ නිලධාරීන් ඇමතූ විට ඊට ගැලපෙන පළල පිළිතුරක් නොදුන් බැවින් අඩුම තරමේ ඒ හැසිරීම සමබන්ධයෙන් මෙන්ම අප මේ ගැටළුව සම්බන්ධයෙන් දකිනාකාරයට කරන ලද විග්‍රහයට සාධාරණ පිළිතුරක් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන්ට වගකීම් පැවරීමට ක්‍රීඩා පණත හරහා උත්සාහ කිරීමට සහ ව්‍යාපාරික සංචාරවලට අමතරව විවේකයක් තිබේනම් ක්‍රීඩා අමාත්‍යවරයාට වුව මේ සිඳුවීම තේරුම් ගැනීමට බුද්ධිය සොයා ගැනීමට හැකිය.
මේ සමඟ සමස්ත ඉහළ කාර්ය සාධන සංචිතය ඒ ඒ ක්‍රීඩාවන්ගෙන් නියෝජනය කරන නම් ලැයිස්තුවද ඇතුළත් කර ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan