*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවට නාඩගම්කාරයින් අවශ්‍යද ?

රටේ නීතිරීති, ව්‍යවස්ථා සංශෝධන මෙන්ම රටේත් ජනතාගේත් අනාගතය පිළිබඳව වැදගත්ම තීරණ ගන්න ආයතනය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කරල යවන්නෙ රටේ පොදු මහජනතාව වෙන අපේ ඡන්දයෙන්. නමුත් අපි මෙතෙක් පාර්ලිමේන්තුවට යවපු සියලුදෙනාම නිවැරදි පුද්ගලයන්ද කියල ගැටලුවක් දැන් ජනතාවට පැන නැඟී ඇත. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් මැතිවරණ කා⁣ලයෙදි ජනතා සේවය ගැන,ජනතා ගැටලු විසඳන ආකාරය කියා අපේ මනාපයෙන් පාර්ලිමේන්තු ගියත් ඔවුන් බොහෝ දෙනෙක්ට පාර්ලිමේන්තුවට ගියපසු ජනතාව අමතක වීම දැන් සාමාන්‍ය දෙයක් වී ඇත. නැවත ඔවුන්ට ජනතාව මතක් වෙන්නේ මැතිවරණයක් කිට්ටු වූ පසුය.

එසේම දැන් ශ්‍රී ලංකාවේ කිරීමට පහසුම රැකියාව වී ඇත්තේ දේශපාලනයයි. එනිසා සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන මැතිවරණයකට ඉදිරිපත් වීමට මූල්‍යමය හැකියාවක් ඇති බොහෝ දෙනා තමන් කරන රැකියාවෙන් විශ්‍රාම ගියපසු ඊළඟට එන්නෙ දේශපාලනයටයි. ඊට හොඳම උදාහරණය කලාකරුවන් වේ. ” පබා ” නාට්‍යය හරහා ප්‍රසිද්ධියට පතවන උපේක්ෂා ස්වර්ණමාලි 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ තමන්ගෙ ජනප්‍රියත්වයට භාවිතා කරමින්ය. නමුත් උපේක්ෂා ස්වර්ණමාලි රට වෙනුවෙන් හෝ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුාවන් කරපු දෙයක් නැතිමුත් ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස විශ්‍රාම වැටුපකට හිමිකම් කියයි.

මීළඟට තමන්ගෙ ප්‍රසිද්ධිය භාවිතා කරමින් රන්ජන් රාමනායක 2015 දි ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙයි. ඔහුත් ගම්පහ දිස්ත්‍රික්කයට හෝ ජනතාවට කරපු දෙයක් නැත. එහෙත් තම හිතවතුන්ට උදව් උපකාර කිරීමට ඔහු අමතක කළේ නැත. අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැරදි සෙවූ රන්ජන් පාර්ලිමේන්තු⁣ මන්ත්‍රීවරයෙක් ලෙස තමන්ට ලැබුණ වාහන පර්මිට් එක පවා විකිණූ පුද්ගලයෙකි. අවසානයේ අධිකරණ පද්ධතියට පවා අත තියමින් තමන්ගේ බලය පාවිච්චි කර නඩු තීන්දු පවා තීරණය කරන තත්වයට රටේ නීතිය අතට ගැනීමට රන්ජන් රාමනායක ක්‍රියා කළේය. නමුත් අද රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳියි. රන්ජන්ට අවසානයේ දේශපාලන පළිගැනීම් සඳහා ඔහු අවභාවිතා කළ නීතියෙන් තමන්ටම දඬුවම් විඳින්න සිදුවිය.

අදත් ගෝල්ෆේස් අරගලයේ අරගල කරන බොහොමයක් කලාකරුවන්ට දේශපාලනයට පිවිසීමේ සිහිනය ඇත. දුලීකා මාරපන පසුගිය දිනවල සමාජමාධ්‍ය තුලින් විටින් විට ඇය දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ඉඟි පළකර තිබුණි. නමුත් මොවුන්ගෙ අරමුණ අවුරුදු පහක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සිට ඉන්පසු ජීවිත කාලයටම විශ්‍රාම වැටුප සහ අනෙකුත් වරප්‍රසාද ලබාගැනීම මිස ජනතා සේවය නම් නොවේ. රටේ ව්‍යවස්ථාව පිළිබඳව කිසිදු දැනුමක් නැති සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වූ රැට්ටා, මෝටිවේශන් අප්පච්චි වැනි පුහු චරිත වලට මැතිවරණයකට ඉදිරිපත් වීමට ඇති එකම සුදුසුකම ප්‍රසිද්ධිය පමණි. නමුත් ඔවුන් රටේ ජනතාවට සේවයක් කරාවි යැයි කිසි දිනක බලාපොරොත්තු විය නොහැක. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතාවගේ බදු මුදලින් තම සුඛවිහරණය සලසා ගැනීම පමණි. එබැවින් අරග⁣ලයේ මෙවැනි පුහු චරිත සමාජය තුල “පොරක්” කිරීමට පෙර දෙවරක් සිතන්න මන්දයත් මෙවැනි දේවල් වලින් අප මීට පෙර අනන්තවත් පාඩම් ඉගෙනගෙන ඇත.

  • ආරච්චි facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan