ඊයේ 370 ට තිබූ ඩොලරය අද 375 ක් වෙයි

0
266

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කර විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලයක වටිනාකම රුපියල් 369.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක විකුණුම් අගය එලෙස පවතිද්දී මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 356.83 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් මෙරට බොහෝ වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ දිනය වනවිටත් රුපියල් 370 ඉක්මවා ගොස් තිබිණි. අද වනවිට රාජ්‍ය බැංකුවල පවා ඩොලයක විකුණුම් මිල රුපියල් 375 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ විදේශ විනිම අර්බුදයට තාවකාලික විසඳුමක් හෝ සොයා ගැනීමට අසමත් වුවහොත් මැයි මාසය අවසන්වීමට පෙර ඩොලරයක වටිනාකම රුපියල් 500 ඉක්මවා යනු ඇති බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here