*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අවසන් තීරණය කියයි (VIDEO)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා සහභාගී වීමට තමන් තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ඊයේ (04) දිනයේදී මේ බව සඳහන් කළේය.

“අවසාන දැනුම්දීම දුන්නේ ජනාධිපතිවරයා දැනට නියැළිලා ඉන්න විදේශ සංචාරය නිමවෙලා ආවාම මේ සාකච්ඡාව අපට ලබාදෙනවා කියලා. නමුත් අපි දැන් කල්පනා කළේ ඒ සාකච්ඡාව එතුමා දෙනවා නම් එහෙමයි, නමුත් ඒක දිග්ගැහෙන කාරණයක්. ඒ නිසා නැවත වතාවක් අපි විධායක සභාව රැස්වෙලා තීරණයක් ගත්තා, වැදගත්ම කාරණය වෙන්නේ මේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු. අවසන් තීරණයකට අපි එළඹිලා තියෙනවා – රජයේ තර්ජන හෝ මේ කිසිවක් අදාළ වෙන්නේ නෑ, අපට අදාළ වන්නේ මේ රටේ ජනතාව හිතන පතන දේ – ඒ නිසා අපි ඒ තීරණය මත අපේ සාමාජිකත්වය මේ කටයුතුවලට ඕනෑම මොහොතක එකතුවෙලා මේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු කරනවායි කියන තීරණය අපි දැන් අරගෙන තියෙනවා. මේ විභාගය සමත්වෙන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලවලට එනකොට ඒ අයට උගන්වන්න ගුරුවරුන් නොසිටින තත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා, අන්න ඒක තමයි අපි මතුකරන්න උත්සාහ කරපු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය තාම එහෙමමයි. අපේ සාමාජිකත්වය සූදානම් ඇගයීම් කටයුතුවලට සහභාගී වෙන්න”

සිය වැටුප් මත අයකෙරෙන බදු අඩුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම වර්ජනය කර තිබුණු අතර ඒ හේතුවෙන් එම කටයුත්ත මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan