ශ්‍රී ලංකා සමාගමක් වන OKLO නැගෙනහිර අප්‍රිකානු තේ e-වෙන්දේසිය සඳහා අති නවීන තාක්ෂණයක් හඳුන්වා දෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

මැයි 06 , කොළඹ (LNW): තේ කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ඩිජිටල් විසඳුම් සපයන්නා වන OKLO Ltd, තේ අපනයන ලෝකයේ විශිෂ්ට ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරයි.

දශක හතරකට වැඩි කාලයක් භෞතිකව පවත්වනු ලැබූ රටේ සාම්ප්‍රදායික තේ වෙන්දේසි මාලාව නවීකරණය කළ එහි දියුණු ඩිජිටල් විසඳුම සඳහා එය මෙලෙස ප්‍රශංසාවට ලක්ව තිබේ.

ප්‍රසිද්ධ ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින්, ගෝලීය තේ කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නැගෙනහිර අප්‍රිකානු තේ e-වෙන්දේසි ක්‍රියාවලිය සුරක්ෂිත කිරීමට සහ නවීකරණය කිරීමට OKLO සමත් වී ඇත.

කෙන්යාවේ Mombasa හි පිහිටි නැගෙනහිර අප්‍රිකානු තේ විද්‍යුත් වෙන්දේසිය, ලොව විශාලතම තේ අපනයනකරුවා වේ.

තාක්‍ෂණික දියුණුවේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, OKLO විසින් අති නවීන තාක්‍ෂණයෙන් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් කිරීමට ලද අවස්ථාව ඉතා උනන්දුවෙන් ප්‍රයෝජනයට ගෙන තිබේ.

කැපී පෙනෙන ලෙස කෙටි කාල රාමුවක් තුළ, OKLO විසින් Mombasa හි e-වෙන්දේසි වේදිකාව ක්‍රියාත්මක කර දියත් කරන ලදී.

OKLO විසින් උසස් තාක්ෂණයන් අනුගමනය කිරීම Mombasa තේ e-වෙන්දේසියට බොහෝ ප්‍රතිලාභ ගෙන දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...