සටහන – රෂිකා හෙන්නායක
මැයි 06, කොළඹ (LNW):යළිත් වරක් විදුලි බිල සංශෝධනය කිරීමට ලබන ජුනි මාසයේ සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව මේ වන විට සකස් කරමින් සිටින බව ඔහු කියා සිටී
එහි අවසන් යෝජනාවලිය එළඹෙන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලේකම්වරයා පෙන්වා දෙයි.
ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතු වන අතර, ඉන් අනතුරුව ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී.