පිටකොටුව නාට්ටමින්වරුන්ට විද්‍යුත් අත් කරත්ත!

කොළඹ LNW:පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ,යෝජිත කොළඹ නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡාවක් සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී.

අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර සැලැස්ම සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් කොළඹ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීම,ජනතාවට පහසු වන පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ බස්රථ නැවතුම්පොළ ස්ථාපිත කිරීම මෙන්ම එමගින් හිස්වන භුමි සංචාරක ව්‍යාපාරයට සහ ආයෝජන සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව එහිදී සාකච්ජා කර තිබේ.

කොළඹින් පිටත සිට පැමිණෙන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අපහසුතාවයක් නොවන පරිදි සහ වෙළඳ ප්‍රජාව අපහසුතාවට පත් නොවන අයුරින් මෙම සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද රත්නායක මහටහ අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...