බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ” අල් ජසීරා‘” රූප­වා­හිනී සමා­ගමේ ඊශ්‍රා­යල මෙහෙ­යුම් කාර්යා­ලය වසා දැමී­මට අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය ඒක­ම­ති­කව තීර­ණය කර ඇතැයි NigeriaWorld මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රා­ය­ලයේ ක්‍රියා­ත්මක වන ‘අල් ජසීරා‘ රූප­වා­හිනි නාළි­කාව වසා දැමී­මට තීර­ණය එරට රජය තීර­ණය කර ඇත්තේ හමාස් යුද ගැටුම් අත­ර­තුර ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන විදේ­ශිය රූප­වා­හිනි සහ ගුව­න්වි­දුලි ආය­තන තාව­කා­ලි­කව වසා දැමී­මට පාර්ලි­මේ­න්තු­වේදී පන­තක් සම්මත කර­ගැ­නී­මෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළ බව අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු එක්ස් සමාජ මාධ්‍යයේ සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

The Guardian වැඩි­දු­ර­ටත් වාර්තා කළේ, එම තීර­ණ­යට අනුව අල් ජසීරා නාළි­කාව වසා දැමිම ස්ථීරව හෝ තාව­කා­ලි­කව සිදු­ව­න්නේ­දැයි හෝ එය ක්‍රියා­ත්මක වන දිනය කව­දා­දැයි හෝ මෙතෙක් තහ­වුරු වී නැති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...