*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

(VIDEO):On Arrival වීසා ප්‍රශ්නය යළි අවිලෙයි.අදත් පෙරටුගාමීන්ගෙන් ඇමති අලස්ට චෝදනා සමඟ අභියෝගයක්!

කොළඹ LNW: වීසා ලබා දීම සඳහා වන බලය පෞද්ගලික සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස නැගු ප්‍රශ්න කිසිවකට හෝ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පිළිතුරු දී නොමැති අතර ඒ වෙනුවට පැවසුවේ කැබිනට් තීරණයක් ක්‍රියාත්මක වීමක් ගැන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඉන්දියානු සමාගමක් සමඟ වන ඔන් එරයිවල් වීසා නිකුත් කිරීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියත් සමඟ සම්බන්ධ වන බවත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ව සිටි රොමේෂ් බන්ධාරීගේ පුත්‍රයා වන කවිරාජ් බන්ධාරීගේ සමාගමට එම වීසා නිකුත් කිරීමේ බලය දී තිබෙන බවයි ජයගොඩ මහතා සඳහන් කරන්නේ.

මේ අතර මෙම වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම් නොමැති බවට මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හදිසියේ නිවේදයක් නිකුත් කර ඇති නමුත් එය අසත්‍යක් බවට දැන් අනාවරණය වී තිබෙන බවද ඔහු කියාසිටියි.

ඒ අනුව පුහුල් හොරා කරෙන් දැනේ වගේ දෙයක් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට සිදු වූ දෙයම වන්නක් ටිරාන් අලස් මහතාටද සිදු වූ බවයි තවදුරටත් පුබුදු ජයගොස මහතා කියාසිටින්නේ.

On Arrival වීසා ප්‍රශ්නය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (06) පැවසුවේ නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවයි.

නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan