ගෝඨා ගෝ ගම පිළිබඳව අධිකරණයට තවත් ඉල්ලීමක් – විනිසුරුවරයා නඩුවෙන් ඉවත් වෙයි !

Date:

කොළඹ ගාලුමුවදොර අසල ගෝඨා ගෝ ගම විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවත් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

අද මෙම ඉල්ලීම සිදුකළ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවයි. අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ පොලීසියේ මෙම ඉල්ලී‌ම වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා ප්‍රකාශ කළේ ගෝඨා ගෝ ගම විරෝධතාවය සම්බන්ධයෙන් මේ වනවිටත් නඩු දෙකක් ගොනුකර ඇති බවයි. මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණය සූදානම් නම් නීතිපතිවරයා වෙනුවෙන් එම ඉල්ලීම තමා ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අරගලකරුවන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් සමග අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් මහතා, රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කර සිටියේය.

පොලීසිය විසින් නීතිපතිවරයා හරහා සිදුකළ ඉල්ලීම කුමක්ද යන්න පිළිබඳව විවෘත අධිකරණයේදී හෙලිදරව් නොවිණි.

විරෝධතාවලට එරෙහිව පොලීසිය නැවතත් අධිකරණයට යාම හේතුවෙන් ගෝඨා ගෝ ගම විරෝධතාවය විසුරුවා හැරීමට උත්සාහ දරන බවට අරගලකරුවන් අතර සැකයක් මතුව ඇති අතර මේ නිසා ගෝඨා ගෝ ගම අරගලයට සහාය දැක්වීම සඳහා විශාල පිරිසක් ගෝල්ෆේස් ක්‍රීඩාංගනය අසලට රැස්වෙමින් සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...