*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මැයි 9 අහිමි වුණු අගමැති පුටුව මැයි 9 වෙනිදාම මහින්දට යළි ලබාදීමේ සූදානමක් ?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි 09 වෙනිදා යළිත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ සූදානමක් පවතින බවට රාවයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් ඉල්ලීම පරිදි මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මීට එකඟ වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

රටේ පැවති අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ 2022 මැයි 09 වෙනිදා ය. එදින අරලියගහ මන්දිරයට පැමිණි ඒ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝල්ෆේස් අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එයින් කුපිත වූ ජනතාව කොළඹදී මෙන්ම දිවයින පුරා ප්‍රදේශ රැසකදී රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලදී.

ඒ සිද්ධියෙන් රාජපක්ෂවරුන්ටත් පොහොට්ටුවටත් ඇතිවූ දැඩි අවමානය සංසිඳුවා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාව යළි අග්‍රාමාත්‍ය ධුරයට මැයි 09 වෙනිදාම පත්කිරීමට යෝජනා වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය නැකැත් වේලාවන් ද මේ වනවිට ඔවුන් සූදානම් කරගෙන සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර පොහොට්ටුවෙන් පැමිණෙන මෙම බලවත් ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කිසිදු එකඟතාවක් හෝ ප්‍රසාදයක් පළවී නොමැති බවත ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලනඥයින් දෙදෙනෙකුගෙන් ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාව යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් පිළිබඳ පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

මෙම පුවත විටින් විට විවිධ දින දාතම් සහිතව මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රචාරණය වුණු නමුත් එවැන්නක් සිදු නොවුණු බවත් මෙවරත් ප්‍රචාරණය වන්නේ ඒ පැරණි තැටියම බවත් ඔවුහු පැවසූහ.

කෙසේවෙතත් රාජපක්ෂවරුන් සහ ජනාධිපතිවරයා අතර යම් විරසකයක් ඇවිළෙමින් පවතින බවත් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වය කුමකට හෝ අර අඳිමින් සිටින බවත් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රය තුළ රහසක් නොවේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan