අද සහ හෙට අරුණ,නිලානි සහ ගයන්තිකා ජපන් තර​ඟ බිමේ

Date:

ජපානයේ ඔසාකා හී අද ඇරඹෙන කිනාමි මිචිටකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් පෙරවරු 9.22 ට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදීමට නියමිතයි.ජපානයේ පැවති පළමු තරගයේදී තත්පර 45.59 ක දක්ෂතාවයක් දක්වමින් සිය ජීවිතයේ හොඳම තරග කාලය වාර්තා කළ අරුණ දර්ශන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ වර්ණ ප්‍රදානය කළ මලල ක්‍රීඩා උළෙලක් වන මේ තරගාවලියේදී තව දුරටත් සිය පෞද්ගලික තරග කාලය වෙනුවෙන් සටන් වැදිමෙන් ජයග්‍රහණයකට පිවිසීමට උත්සාහ දරනු ඇති.
එමෙන්ම අද පස්වරු 12.30 මීටර් 3000 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් නිලානි රත්නායක ද තරග බිමට පිවිසීමට නියමිතයි.මෙම තරගාවගිය හෙටත් ක්‍රියාත්මක අතර හෙට තරග බිමට පිවිසෙන්නේ ගයන්තිකා අබේරත්නයි.ඇය මීටර් 800 ඉසව්වට සහභාගි වීමට නියමිතයි.එම තරග ඉසව්ව පැවත්වෙන්නේ හෙට පස්වරු 12.45 ට ඇය තරග බිමට පිවිසීමට නියමිතයි.
මෙම කාලයන් සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් වන අතර තරගාවලිය පහත සබැඳියෙන් නරඹන්නට හැකියාව ඇත.


මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සහ ක්‍රීඩකයා දැනටත් ඉහළ කාර්ය සාධන පුහුණු සංචිතයේ සාමාජිකයින් වන අතර ඔවුන් සිය දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට වඩාත් සුදුසු පරිසරයේ සිට සිය පුහුණුවීම් කටයුතු කර ගෙන යන්නෝය.ඒ නිසාම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එම සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ආහාර වේල් සඳහා වැය කරන මුදල වැය කරන්නේ නැත.නමුත් තිදෙනාම තමන්ගේ දක්ෂතා ඉහළ මට්ටමේ පවත්වාගෙන යන අතර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් එම පුහුණු සංචිතයෙන් අපේක්ෂා කරන්නේ කොළඹ සිට ආහාර ගිලීම ද, දක්ෂතා ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යා හැකි ආකාරයේ පුහුණුවක්ද යන්න පැහැදිළි නැත.මේ සම්බන්ධයෙන් අප එම ව්‍යාපෘතිය භාර ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මුතුමාල දැක් වූ අදහස් ඇසුරෙන් ලියූ සටහනක පිවිසුමද මිට අමුණමි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...