කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නෙවෙයි – WHO

Date:

කොළඹ LNW:කොවිඩ් 19 වෛරස තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය එම තීරණයට පැමිණ ඇත්තේ කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමිනි.

කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන එය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බවටයි ඇගයුම් කර ඇත්තේ.

මේ අතර ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බව ත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නිරීක්ෂණය වී ඇත.

ගෙවුණු වසර 03 තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන ලදී.

කෙසේවෙතත් තවදුරටත් කොවිඩ් ආසාදිතයින් සහ එම මරණ සම්බන්ධයෙන් දත්ත වාර්තා කෙරෙන අතර එම වෛරසයේ නව ප්‍රභේද සම්බන්ධයෙන් ද පරීක්ෂණ කටයුතු ගෝලීය මට්ටමින් සිදුකෙරෙමින් පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...