රාජිතගෙන් අලුත් සන්ධානයක් – රාජිත එක්ක රවී,දුමින්ද,මනෝ,රිෂාඩ් එක්වෙයි!

Date:

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.

එහි ආරම්භය ඊයේ (06) කොළඹදී සිදුවුණ අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියේය.

දුමින්ද දිසානායක,මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටින ආකාරය දැකගැනීමට හැකිවිණි.

පැෆරල් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයිදන්ද ඊට සහභාගී විය.

මේ වන විට ලොව පුර දරුණු යුධ ගැටුම් ඇවිලී තිබුණද ඒවාට එරෙහිව දැනෙන විරෝධයක් පෙනෙන්නට නැති අතර විශේෂයෙන් ශ්‍රී ලනකව තුළ මීට ඉහත කාලවලදී මෙම යුද්ධයන්ට එරෙහිව විශාල හඬක් නැගුණ නමුත් දැන් එවැනි පරිසරයක් දැක ගත නොහැකි බවයි රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

මෙහිදී පලස්තීනයේ ගාසා තීරණයේ ඇතිව තිබෙන සමූල ඝාතනයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.

රුසියානු යුක්‍රේන යුද්ධය,සුඩානයේ සිවිල් යුද්ධය,මියන්මාරයේ ඇතිව තිබෙන තත්ත්වය,ඇතුළු ලෝකය පුර විසිරි තිබෙන යුද ගැටුම් හේතුවෙන් රටවල තුළ මතුව තිබෙන අරාජික තත්ත්වය ගැන සේනාරත්න මහතා මෙහිදී අවධානය යොමුකරන ලදී.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වරින් වර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා පරාජය කළද අවසානයේ ඊශ්‍රායලය ගෙන යන තිරස්චීන ක්‍රියාවට විරෝධය දැක්වීමට සිදුව තිබෙන අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල විශ්ව විද්‍යාල තුළද පන්ති වර්ජනය කරමින් මෙම යුද්ධයන්ට විරෝධය දක්වන තැනට පත්ව තිබෙන බවද සේනාරත්න මහතා මෙහිදී පැහැදිලි කළේය.

ඒ අනුව අලුතින් පිහිටුවන ලද ලෝක යුධ විරෝධී සන්ධානයේ අරමුණු ලෙස ලෝක නායකයින්ගේ බලකාමයන් නිසා හටගෙන තිබෙන සියලුම ලෝක යුද්ධයන්ට විරුද්ධ වීම,යුද්ධයන්ගෙන් මියයන, තුවාල ලබන,ආබාධිත වන ඇතුළු පීඩාවට පත්වන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම,ලෝක සාමය උදෙසා පෙනී සිටීම,ලෝකය පුරා ක්‍රියාත්මක අන්තවදයන්ටහා ත්‍රස්තවදයන්ට එරෙහිවීම,යුද්ධයන්ගෙන් මියයන හා ආබාධවන ජනතාව වෙනුවෙන් යුද්ධයන් ඇතිකරන රටවලින් වන්දි ලබා ගැනීම සඳහා බලපෑම් කිරීම,ලෝකයේ සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීත්වයට එරෙහි සිදුවන බලපෑම් වලට එරෙහි වීම,යුද්ධ සඳහා කිසිදු ආකාරයකින් ශය නොදක්වන ශ්‍රී ලනක්ව වැනි රටවලට සිදුවන සමාජ ආර්ථික අගතියට එරෙහි වීම,ලෝක යුද්ධ නිසා මගහැරී යන සබ ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කිරීම ආදිය දක්වා තිබේ.

මෙම අවස්ථාවට සහභාගිව සිටි දේශපාලන නියෝජිතයින්,සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස්ද සිය අදහස් දක්වා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...