*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

LPL ක්‍රීඩක වෙන්දේසිය 21 වන දා

සටහන – නිශ්මං රණසිංහ

මැයි 07, කොළඹ (LNW): ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් තීරණය වන ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 දා ෂැංග්‍රිලා හී දී පැවත්වෙනු ඇත.විවිධ හැල හැප්පීම් මැද මේ තරගාවලිය ලෝකයේ අවධානය දිනා ගැනීම අතින් ඉදිරියට තල්ලු වී තිබෙන බව මේ වන විට තරගාවලිය සඳහා සහභාගි වීම සඳහා ඉදිරිපත් වී සිටින ක්‍රීඩකයින් හරහා පැහැදිළි වෙමින් ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් හී තොරතුරුවලට අනුව මෙවර තරගාවලිය සඳහා ලැබී ඇති අයදුම්පත් ප්‍රමාණය 500 ඉක්මවා යාම හරහා ද පැහැදිළි වෙන්නේ එය දේශීය සහ විදේශිය වශයෙන් කෙතරම් අවධානයක් දිනා ගෙන ඇද්ද යන්නය.


ජාත්‍යන්තර මට්ටමෙන් මෙවැනි තරගාවලියක් පැවත්වීමේදී පන්දු ඕවර් 20 ට සීමා නොවී සහ පිටිය තුළ සිටින 11 දෙනාට සීමා නොවී ක්‍රිකට් ගැන හැදෙන වෙනම වර්ධනයක්ද සිඳු වේ.ලෝක ප්‍රකට ක්‍රීඩකයින් හා අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම අත්දැකීම් හරහා ඉඟෙන ගන්නට ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකරන,එහෙත් ජාතික මට්ටමේ තරගාවලිය නියෝජනයට අවස්ථාව ලැබෙන ක්‍රීඩකයින්ට ලැබෙන අවස්ථාව වටිනා එකකි.ක්‍රිඩා පිටියට නො’ආවද දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර වශයෙන් කැපී පෙණෙන දේශීය සහ විදේශිය ක්‍රීඩකයින් සමඟ එකට සංචිතයේ සිටීමට සහ එකට පුහුණුවීමටත්,අත්දැකීම් බෙදා ගැනීමටත් ලැබෙන අවස්ථාව ප්‍රබලය.


සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 24 ක උපරිමයක් ඇතුළත් කිරීමට හැකියාව ඇත.එහි අවමය විස්සකි.මේ අතරට විදේශ ක්‍රීඩකයින් හය දෙනෙකුද ඇතුළත් කිරීමට අවස්ථාව ඇති අතර දේශීය අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයෙකුද සිටිය යුතුය.විදේශිය ක්‍රීඩකයින් හය දෙනා හැරුණු විට එවිට මේ කණ්ඩායමකට අවස්ථාව ලැබෙන දේශීය ක්‍රිඩක සංඛ්‍යාව 14 ක් හෝ 18 විය යුතුය.ඒ නිසා ක්‍රීඩා නොකළද සංචිතයේ පුහුණු අභ්‍යාස මත මෙන්ම අදහස් හුවමාරුව අතින් ලබා ගැනීමට ඇති අත්දැකීම් ද මේ තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩකයින්ට වැදගත් වනු ඇත.


තරගාවලියේ ආරම්භය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සිඳුවීමට නියමිතය.ඉනික්බිති දඹුල්ලේ ද,අවසාන කොටස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ද පැවත්වීමට කටයුතු යොදා ඇත.
මේ වන විට මේ තරගාවලිය ප්‍රබලත්වය සහතික කිරීම සඳහා සහභාගීත්වය තහවුරු කර ලියාපදිංචි වී සිටින ප්‍රධාන විදේශ ක්‍රීඩකයන්ගේ නාම ලේඛණයක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් කර ඇත.එය පහත පරිදිය.


Tamim Iqbal, Tim Southee, Rassie Van Der Dussen, Jimmy Neesham, Mushfiqur Rahim, Reeza Hendricks, Rilee Rossouw, Shai Hope, Taskin Ahmed, Lungi Ngidi. Naseem Shah, Rahmanullah Gurbaz, Najmul Hossain Shanto, Colin Munro, Ish Sodhi, Mark Chapman, Jason Behrendorff, Andre Fletcher, Oshane Thomas,
Keemo Paul and Fabian Allen.Usman Khawaja, Tabraiz Shamsi, Evin Lewis, Mujeeb Ur Rahman, Noor Ahmad, Reece Topley, Iftikhar Ahmad, Mohammad Nawaz, Gulbadin Naib, and Ibrahim Zadran

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan