පොහොර සහනාධාර මුදල් අද සිට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): අද (07) සිට මෙවර යල කන්නයේ දී ගොවි ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් බැර කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ. MOP පොහොර ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වේ.

වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇති අතර, විශේෂයෙන් වී කරළ් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී තිබේ. හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේ දී වගා කළ අතර MOP පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වන අතර, මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් MOP පොහොර භාවිතා කිරීම සම්බන්ධව දී ඇති නිර්දේශ අනුව එම පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමනිසා මෙම පොහොර සහනාධාර මුදල් ප්‍රතිපාදන MOP පොහොර මිල දී ගැනීම ඉළක්ක කරමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව පැවසේ.

දැනට අවශ්‍ය තරම් MOP පොහොර තොග රට තුළ පවතී. මෙවර යල කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් පමණ වුවද දැනට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...