*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

චීන- ප්‍රංශ ජනපතිවරුන් අතර සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (6) පැරිස් නුවර Élysée මාලිගයේදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරු අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළා. ප්‍රංශය සමග ද්විපාර්ශ්වීය වෙළඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමට ද චීනය බලාපොරොත්තු වෙනවා.

මේ වනවිටත් චීනය ප්‍රංශයේ ගුණාත්මක කෘෂි නිෂ්පාදිත වැඩියෙන් ආනයනය කරනු ලබනවා.

දෙරට අතර ගුවන් සේවාව හා අභ්‍යවකාශය ඇතුළු සාම්ප්‍රදායික ක්‍‍ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු අතර න්‍යෂ්ටික බලශක්ති, නවෝත්පාදනය, මුල්‍ය සේවාව යන අංශවල සහයෝගතා ශක්තිමත් කළ යුතු බවයි එහිදී අවධාරණය කළේ.

වර්තමානයේ චීනය නිෂ්පාදන කර්මාන්තයට ප්‍රවේශවීම මුළුමනින් විවෘත කර තිබෙනවා. විදුලි සන්නිවේදනය, වෛද්‍ය සේවාව යන සේවා කර්මාන්තවල වෙළඳපොලට ප්‍රවේශ වීම් කඩිනම් කිරීමට නියමිතයි.

චීනය හා ප්‍රංශය දැවැන්ත සංස්කෘතික වටපිටාවකින් පැවත එන රටවල් දෙකකි. වර්තමානයේ ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා කණ්ඩායම් එදිරිවාදිකම් වැළැක්වීම සඳහා දෙරට අතිශයින් වැදගත් කාර්යභාරයන් ඉටු කරන බව ද චීන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙහිදී නායක දෙපළ යුක්‍රේන අර්බුදය හා පලස්තීන ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදුවේ සැලකිල්ලට ලක් කළ යුතු ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවාමරු කර ගත් බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan